ජයලලිතා කච්චතිව් ඉල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන්ට සිදුවන හිරිහැර නිසා වහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කරගෙන ඇති ගිවිසුම අවලංගු කර කච්චතිව් දූපත නැවැත ඉන්දියාවට පවරාගත යුතු යැයි තමිල්නාඩු මහ ඇමැතිනිය ඉන්දීය මධ්‍යම රජයට දන්වා තිබේ.
වර්තමානයේ තමිල්නාඩු ධීවරයන් කච්චතිව් දූපත අසල මසුන් මැරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම් හා පහරදීම් සිදු කළ බව විටින් විට ඔවුහු චෝදනා කළහ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අද ප්‍රාන්ත ආණ්ඩුවේ පැවති වි‍ශේෂ රැස්වීමකදී තමිල්නාඩු මහ ඇමතිනිය මේ අදහස් පළ කළ බවය.ඉන්දීය ධීවරයින්ට හිරිහැර සිදුවන බවට අවධාරණය කරමින් මෙම විශේෂ රැස්වීම පවත්වා තිබිණ.
එහිදී මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මෙනෙවිය පැවසුවේ, කච්චතීව් දිවයින යළි පවරා ගැනීමට ඉන්දීය රජය අසමත් වුවහොත් තමිල්නාඩු රජය ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවය.1974 වසරේදී ගිවිසුමක් හරහා කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබී ය.අක්කර 285ක භූමි ප්‍රමාණයකින් යුත් කච්චතීව් දූපත ශ්‍රී ලංකා- ඉන්දියා මුහුදු සීමාවේ පිහිටා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive