සිංහල බෞද්ධ නව බලවේගයට එරහිව තමිල් නාඩු අන්තවාදීන් - Bodu Bala Sena

ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම, ශ්‍රී ලංකාවේ සිංහල දෙමල ( හින්දු - බෞද්ධ) ප්‍රජාවන් අතර ගැටුමක් නිර්මාණය කිරීම සහ එමගින් සිංහල - බෞද්ධ නව බලවේගයට එරහිව දෙමල ප්‍රජාව, ඩයස්පෝරාව එක් කිරීම අරමුණු කරගනිමින් තමිල් නාඩු අන්තවාදීන් විසින් ශ්‍රී ලංකික භික්ෂුන් වහන්සේ ඇතුළු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රහාර මාලාව ආරම්භ කර ඇතයි බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරයි.

බෞද්ධයන් ත්‍රස්තවාදීන් බවත් ඔවුන් මුස්ලිම්වරුන්ට පමණක් නොව දෙමල ප්‍රජාවටද එරෙහි බව ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම ඉන්දු - ශ්‍රී ලංකා සම්බන්ධතා බිඳ දැමීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සඳහා අවශ්‍යතා සැපිරීම ද වර්ධනය වන මෙම ප්‍රහාර මාලාවේ අනෙකුත් අරමුණු ලෙස බොදු බල සේනාව දකී.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හදිසි අවශ්‍යතාවයක් බව පෙන්වා දෙන බොදු බලසේනා සංවිධානය ශ්‍රී ලංකා රජයට හා ඉන්දීය රජයට මෙකි ජනතාවගේ ආරක්ෂාව පිළිබද බලපෑම් කළ යුතු බවද අවධාරණය කරයි. මෙම තත්වය තුල ශ්‍රී ලංකාවේ සිංහල-දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් හෝ කලබල ඇති වීමට ඇති අවස්ථා කල්තබා වලක්වා ගතයුතු බවත් වත්මන් පසුබිම තුල ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට ගමන් වාරණයක් ප්‍රකාශයට පත් කළයුතු බවත් බොදු බලසේනා සංවිධානය පෙන්වාදෙයි.



Gossip Lanka Hot News Previous News Archive