සිරියානු ගැටුම උග්‍ර අතට - Syria conflict

සිරියානු යුද ගැටුම්වලින් බේරීමට පළාගිය ජනසංඛ්‍යාව දශ ලක්ෂයක් පමණ වෙතැයි ඇස්තමේන්තු කිරීමත් සමඟ - ප්‍රකාශයක් කරන අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත අන්තෝනියෝ ගුටෙරස්, සිරියානු යුද්ධය මහාපරිමාණයේ ව්‍යසනයක් කරා ඉතාම වේගයෙන් ඇද වැටෙමින් ඇතැයි සඳහන් කළේය.

දහස් සංඛ්‍යාත ජනකායක් දේශසීමාව ඔස්සේ දිනපතා රටින් පිටව යමින් ඇතැයි පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ නිලධාරියා, රට අභ්‍යන්තරයේ තවත් දශ ලක්ෂයක් අවතැන්ව සිටින බවයි කියා සිටියේය .පසුගිය සති කීපය ඇතුළත රටින් පළායන සිරියානු ජන සංඛ්‍යාව වැඩිවුන බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. සිරියානු අනාථයන්ට සහන පිණිස ගිවිසගත් ඩොලර් කෝටි එකසිය පණහක ජාත්‍යන්තර ආධාරවලින් තවම ලැබී ඇත්තේ ස්වල්පයක් පමණකැයි ආධාර ආයතන පැමිණිලි කරති.

සිරියානු කැරලිකාර හමුදාවේ අණ දෙන නිලධාරී,ජනරාල් සෙලීම් ඉද්රිස් බී බී සී යට ප්‍රකාශයක් කරමින්,අල්කයිඩා හෝ වෙනත් ජිහාඩ් කණ්ඩායම් අනාගත සිරියාවේ ඉටු කරන කාර්ය භාරයක් නැතැයි කියා සිටියේය.
ආණ්ඩුවට එරෙහිව තම රට තුළ සටන් වදින සියලු විපක්ෂ කණ්ඩායම් අතර අන්තවාදීන්ගේ නියෝජනය 2% කටත් වඩා අඩු බවයි, නිදහස් සිරියානු හමුදාවේ අණ දෙන නිලධාරියා පවසන්නේ.කැරලිකරුවන්ට අවි නොදීමේ පිළිවෙත ඉවත්කර ගන්නා මෙන් යුරෝපා රටවලින් ඉල්ලා සිටි නිදහස් සිරියානු හමුදාවේ අණදෙන නිලධාරියා,එවැනි සම්බාධක පවත්වා ගෙන යනු ලැබීම ජනාධිපති අල් අසාද්ගේ ආණ්ඩුවට වාසියක් වන බව කියා සිටියේය.

සිරියානු යුද්ධයෙන් කැරලිකාර හමුදා ජයගන්නා බව කියා සිටි ජනරාල් ඉද්රිස්, අවි සම්බාධක බලපැවත්වීම නිසා ඒ සඳහා කලක් ගතවන අතරම තවත් ජන ජීවිත වැය කිරීමට සිදු වනු ඇතැයිද සඳහන් කළේය.
මුලාශ්‍රය ;- Syria conflict: Refugees number a million, says UN

Gossip Lanka Hot News Previous News Archive