බාලවයස්කාර පෙම්වතිය සමඟ රහසේ පවුල් කාලා

ආනමඩුව, දිවුල්වැව පදිංචි බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් දින 3ක් අඹුසැමියන් ලෙස ජිවත්වු යුධ හමුදා සෙබළෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අවුරුදු 21 වයසැති සැකකාර සෙබළා සහ අවුරුදු 15ක් වයසැති බාලවයස්කාර දැරිය ද අණමඩුව, දිවුල්වැව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය.සැකකාර හමුදා සෙබළා පාසැල් දැරිය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඇගේ දෙමවිපියන්ට නොදන්වා දැරිය පැහැරගෙන ගොස් එම ප‍්‍රදේශයේ නිවසක සැගවි සිටිමින් අඹුසැමියන් ලෙස පවුල් ජිවිතයක්ද ආරම්භ කර ඇත.
දැරියගේ අතුරුදහන්විම සමිබන්ධයෙන් දෙමවිපියන් විසින් ආනමඩුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ පරික්ෂණවලදි හෙළිවී ඇත්තේ සැකකරු දැරිය පැහැරගෙන ගොස් ඇති බවය.
එ අනුව සැගවි සිටි සැකකරු සහ දැරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා පුත්තලම මහ රෝහලට ඇතුලත් කර තිබේ. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර ආනමඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.


Gossip Lanka Hot News Previous News Archive