ලන්ඩන් මැරතන් තරගය: අනුරාධ ඉන්ද්‍රජිත්ට 14වැනි ස්ථානය


33 වැනි ලන්ඩන් මැරතන් තරගාවලියේදී 35,000ට වැඩි තරගකරුවන් සංඛ්‍යාවක් අතුරින් 14 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ධාවන ශූර අනුරාධ කුරේ සමත්ව තිබේ.

ඔහු තරගය නිම කිරීම සඳහා පැය 2යි විනාඩි 17යි තත්පර 53කදී තරගය නිමකර ඇත.මෙම තරගයේ පළමු හා තෙවන ස්ථාන ඉතියෝපියාවත් දෙවන ස්ථානය කෙන්යාවත් නියෝජනය කළ ක්‍රීඩකයින් විසින් හිමිකර ගෙන ඇත.ලන්ඩන් වේලාවෙන් අද (21) පෙරවරු 10.00ට පමණ මෙම තරගය පවත්වා තිබේ.පසුගිය වසරේ පැවති 32 වන ලන්ඩන් මැරතන් උළෙල නියෝජනය කළ ඔහු පැය 02 මිනිත්තු 17 තත්පර 50 න් එම තරගය නිමාකිරීමට සමත්විය.‍එහිදී තරගකරුවන් 37, 500 දෙනෙකු පමණ ලන්ඩන් මැරතන් තරගය සඳහා සහභාගි වී ඇත.
ඔහු එවර තරගාවලියේදී 23 වන ස්ථානය හිමිකරගෙන තිබේ.




*Sri Lanka’s Anuradha Cooray placed 14th with a timing of 02:17:53 in the London Marathon completed a short while ago. Over 35,000 runners took part in the marathon.
















Gossip Lanka Hot News Previous News Archive