දයා මාස්ටර් උතුරේ මැතිවරණ සටනට? - Daya Master to contest election in North?

උතුරු පළාත් සභා මැතිවරණයට තරග කිරීම පිළිබඳ තවත් සති දෙකකින් තීන්දුවක් ගන්නා බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස සිටි වේලායුදම් දයානිධි හෙවත් දයා මාස්ටර් පවසයි.එළඹෙන උතුරු පළාත් සභා මැතිවරණයට දයා මාස්ටර් තරග කරන බවට මාධ්‍ය මගින් කළ අනාවරණය ගැන කළ විමසීමකදී ඔහු මේ බව මාධ්‍යය වෙත පවසා තිබේ.මැතිවරණයට තරග කිරීමට තමාගේ අපේක්ෂාවක් ඇතත් ඒ ගැන මෙතෙක් තීරණය කර නොමැති බැවින් තවත් සති දෙකකින් තීන්දුවක් ගන්නා බව ඒ අනුව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ප්‍රකාශයක් කර ඇති බව හෙතෙම පැවසීය.පළාත් සභා මැතිවරණය සඳහා දයා මාස්ටර් ඉදිරිපත් වන්නේ නම් ඔහු සන්ධානය යටතේ තරග කරනු ඇති බවට මාධ්‍ය අනාවරණය කර ඇත.
ඉංග‍්‍රීසි ගුරුවරයෙකු ලෙස දයා මාස්ටර් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකු වන අතර 1990 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී ඇති ඔහු ගැටුම් පැවති අවසන් සමයේදී (2009) වසරේදී හමුදාවට භාරවිය.


අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ ඔහු යාපනය සහ යුරෝපා රටවල සැටලයිට් තාක්ෂණයෙන් විකාශය කෙරෙන පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කරන බව සඳහන්ය.

Gossip Lanka Hot News Previous News Archive