2013 ග්‍රහයන්ගේ චාරය - ලග්න පලාපල

අප්‍රියෙල් 13 වැනිදායින් පසුව ඇරැඹෙන වර්ෂය තුළ ශනි - රාහු හා ගුරු යන මන්දගාමී ග්‍රහයන් තිදෙනා යම් ප්‍රමාණයක බලයක්‌ සහිතව ගමනෙහි යෙදේ.

අප්‍රියෙල් 14 වැනිදා ග්‍රහ මඬුල්ලේ බලවතා වන රවි, ස්‌වකීය උච්ච රාශියට සම්ප්‍රාප්තව අප්‍රියෙල් 25 වැනිදා සිය පරමෝච්ච අංශකයට පැමිණ පුරා මසක්‌ හෙවත් මැයි 14 වැනිදා රාත්‍රි 10.22 දක්‌වා සිට වෘෂභ රැසට මාරු වෙයි. ඒ මාසය තුළ රවි - කුජ, බුධ හා සිකුරු යන ග්‍රහයන් ද විටින් විට මේෂ රාශිය තුළ ගමනෙහි යෙදේ. ශනි - රාහු දෙදෙන තුලා රාශියේත්, මැයි 31 වැනිදා ගුරු සිය ස්‌වයක්‍ෂේත්‍ර රාශිය වූ කටකය බලා යන ආරෝහණ ගමනේ යෙදී තමාගේ සතුරු (මුඪ) රාශිය වන මිථුනයට පැමිණීමත් මේ වර්ෂය තුළ කැපී පෙනෙන ග්‍රහ චාරයකි.

අප්‍රේල් මාසයෙන් පසු ග්‍රහ යුද්ධ 14 කට වැඩි ගණනක්‌ සිදු වනු ඇත. මෙම ග්‍රහ ගමන නිසා රට තුළත් එක්‌ එක්‌ ලග්න හිමියන්ටත් අත්විඳින්නට ලැබෙන අත්දැකීම් කීපයක්‌ ම වේ.

ග්‍රහ මඬුල්ලේ මන්දගාමී ග්‍රහයා වූත්, පෘථිවියට ඈතින් ම සිටින ග්‍රහයා වූත්, සෙනසුරුගේ ගමන මේ ග්‍රහ ගමන් අතර සුවිශේෂය වසර 30 කට වරක්‌ පමණක්‌ උච්ච බල සහිතව සිය රජ ගෙදර වන තුලා රැසට පැමිණීම සමාජය තුළ බොහෝ වෙනස්‌කම් දක්‌නට ලැබෙන එකකි. ඒ ගමනේ වඩාත් විශේෂත්වය වනුයේ එම සෙනසුරු තම මිත්‍ර ග්‍රහයකු වන රාහු සමඟ යෝගව සිටීමයි. සෙනසුරු, ජුලි මාසයේ 9 වැනිදා සිට වක්‍රයෙන් මිදී නිවෘත වීමත්, මෙතෙක්‌ ශනි සමඟ තුලාවේ ගෝචර වන රාහු 2014 ජුලි මාසයේ 12 වැනිදා රාත්‍රියේ 10.33 ට කන්‍යා රාශියට පිවිසීමත් අනෙක්‌ සුවිශේෂ අවස්‌ථාව වෙයි.

විශ්ව කේන්ද්‍රයේ රාහුට කන්‍යා වනුයේ 6 වැන්නයි. 6 වැන්නට රාහුගේ ගමන ඔරොත්තු දෙන එකකි. දුෂ්ට ග්‍රහයා දුෂ්ට රාශියට මැනවි යන ජ්‍යෙdතිෂ සිද්ධාන්තය අනුව රාහුගේ ගමන ජාත්‍යන්තරයට යහපත් වුවත් ශ්‍රී ලංකා කේන්ද්‍රයේ කන්‍යාව වනුයේ 8 වැන්නය. 8 වැන්නත් දුෂ්ට රාශියක්‌ වුවත්, රාහු, සිත නැකතේ ගමන් කිරීම අනතුරු බහුල වර්ෂයකට නෑකම් කියන්නකි. මිථුන රාශියට පැමිණෙන ගුරුට ශ්‍රී ලංකා කේන්ද්‍රයේ 9 වැන්නේ ගමන් කරන සෙනසුරු පෙනෙන නිසා ආගමික ආයතනවල කැපී පෙනෙන වෙනස්‌වීම් හෝ විප්ලවීය වෙනස්‌කම් පෙන්වන අවස්‌ථාවක්‌ වේ. එසේම ගුරු විසින් සෙනසුරු දැකීමත් සෙනසුරු විසින් ගුරු දැකීමත් යන අෙන්‍යාන්‍ය දෘෂ්ටිය රටට - සමාජයට දෙවියන්ගේ බැල්ම යොමුවන කාලයක්‌ ද වේ.

මේ වර්ෂය තුළ රටේ ඉදිරි පැවැත්මට සුවිශේෂ දායකත්වයක්‌ දක්‌වන ග්‍රහයා සෙනසුරු ය. සෙනසුරු ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති වීමත්, කේන්ද්‍රයේ 9 වැන්නේ බලවත්ව ගමන් කිරීමත් එයට හේතුවයි. ඒ නිසා සෙනසුරුට අයත් කාරකත්වය යහපත් අතට වෙනස්‌ කිරීමේ ශක්‌තිය සෙනසුරුගෙන් කෙරෙනු ඇත. විශ්ව කේන්ද්‍රයේ කම්කරුවා වශයෙන් නම් කර ඇති සෙනසුරු වැඩ කරන ජනතාවට කාර්මිකයන්ට, ආබාධිත අයට, රෝහල්වලට වේගවත් බලපෑමක්‌ කරයි. සෙනසුරුට අයත් මැණික zනිලZ නිසා එම මැණික්‌ වැඩියෙන් මතු කරනු ඇත. දුකට - රෝගවලට අතපය කැඩීමට කාරක අයිතියක්‌ සෙනසුරුට ඇති නිසා අනතුරු බහුල කාලයක්‌ ද වෙයි. පැරැණි ගොඩනැඟිලි, පැරැණි පාලම් බිඳ වැටෙන්නට ඉඩ ඇත. සෙනසුරුගේ පරම උච්ච අංශකය 20 නිසා ශනි එම අංශකය පසු කරන නොවැම්බර් මාසය තුළදී නොසිතූ විරූ විපර්යාසයන් වාර්තා වන කාලය වේ.

ශනි හා රාහු යන දෙදෙනාම මේ වර්ෂය තුළ දී තුලා රාශියේ ගමන් කරන බවත් යට සඳහන් විය. මේ දෙදෙනාගේ සංයෝගය කලාතුරකින් සිදු වන්නකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් විසින් අල්ලා ගත් අවස්‌ථාවේත්, ප්‍රංශ ආණ්‌ඩු විප්ලවය තුළ බැස්‌ටිලයට (ප්‍රංශ හිර ගෙදර) පහර දුන්නේත්, නැපොලියන් කෝසිකා දූපතට පිටුවහල් කළේත්, 16 වැනි ලුවී රජතුමාගේ හිස ගසා දැම්මේත් මේ රාහු හා ශනිගේ සංයෝගය වූ අවස්‌ථාවේ දීය. එහෙත් මේ අවස්‌ථාවේදී එම සෙනසුරුට ගුරු ගේ දෘෂ්ටිය වැටීම නිසා බොහෝ ආපදා අවස්‌ථාවන් අහෝසි වී යනු ඇත.

ජිනීවා සම්මේලනය හා එහි ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කරන බොහෝ දෙනෙක්‌ ඒ කෙරෙහි ජ්‍යෙdතිෂයේ විග්‍රහය කුමක්‌ දැයි අසති. එය ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක බලවතුන්ගේ සාකච්ඡාවකට යොදා ගත් කටගැස්‌මකට (බයිට්‌ එකකට) පමණක්‌ සීමා වනු ඇත. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති බලවත් අවස්‌ථාවක නැගුණු එම චෝදනාව පුස්‌ වෙඩිල්ලකට සීමා වෙයි. ශනිට - රාහු ග්‍රහයා යෝග වීමේ කැළඹීමකට පමණක්‌ සීමා වේ.

ශ්‍රී ලංකා කේන්ද්‍රයේ 5 වැන්නේ ස්‌වක්‍ෂේත්‍ර වන ගුරුට (ඉදිරි වර්ෂය පුරා) ලග්නය පෙනෙයි. ඒ නිසා පිවිතුරු කල්පනා වේ.

ලග්න පලාපල

මේෂ (- අප්‍රියෙල් 14 වැනිදා අලුයම 1.29 ට සූර්යයා මේෂ රාශියට පිවිසෙන විට ලග්නයේ රවි, කුජ, ශුක්‍ර හා කේතු යන චතුර් ග්‍රහ යෝගයක්‌ වේ. ගුරු දෙවැන්නේත්, බුද 12 වැන්නේත් හා ශනි රාහු 7 වැන්නේත් ගමන් කරති. ඒ මාසය තුළ සඳුÊමිථුනයේ සිට ධනුව දක්‌වා ගමනේ යෙදේ. වර්ෂය ආරම්භයේදී ම උච්ච බල සහිත රවි - කුජ දෙදෙන ඔවුනොවුන්ට සප්තමව ඔවුනොවුන් දකී. උච්ච ග්‍රහයාට උච්ච ග්‍රහයාගේ දෘෂ්ටිය වැටීම හොඳ මදි. එවිට උච්ච බලය යම් ප්‍රමාණයක්‌ අඩු වේ. සත්වැන්න ශනි - රාහු දෙදෙනාගෙන් පීඩාවීමත් කුජගේ දෘෂ්ටිය හතට එල්ලවීමත් නිසා විවාහකයන්ගේ යුග ජීවිතයේ පසුබිම අවුල් සහගත වේ. එහෙත් වර්ෂාරම්භයේදීම තම කේන්ද්‍රයේ 3 සහ 6 අධිපති බුධ 12 වැන්නේ නීච වීම හොඳයි. මේෂ ලග්නයට බුධ 12 වැන්නේ නීච වීම යහපත්a යෑයි ජ්‍යෙdතිෂ සිද්ධාන්තවල දැක්‌වේ. මේ නිසා 6 වැන්නෙන් නියෝජනය වන සතුරු කරදර හා ලෙඩ රෝග බොහෝ දුරට අඩු වේ. රවි කුජ දෙදෙනාම ලග්නයේ බලවත් වීම නිසා අපේක්‍ෂා ජය ගැනීම සඳහා දක්‌වන උනන්දුව වැඩි වේ. උපතින් සඳු 7 වැන්නේ හෝ 7 වැන්නේ සිටියේ නම් පමණක්‌ අනියම් කරදරවලට මුහුණ දීමට සිදු වේ.

දහවැන්නාධිපති බලවත්ව ගමන් කරන මේ වර්ෂය පුරා වෘත්තීය කටයුතු ව්‍යාපාර ශක්‌තිමත් වීමට හෝ අලුත් වෘත්තියක්‌ සඳහා අවධානය යොමු වීමටත් ඉඩ ඇත. සා - විසා නැකතකින් උපත ලබා ඇත්නම් ඒ අයට වඩාත් පරාජිත අත්දැකීම්වලට මුහුණ පෑමට වෙයි. හදිසි අනතුරුවලට ද ඉඩ ඇති වර්ෂයකි. ඒ අය වාහන පැදවීම අතින් ආරක්‍ෂා විය යුතුය. අධ්‍යාපනය ලබන අයට බුද්ධිය, මතක හා උනන්දුව ශක්‌තිමත් වීම නිසා යහපත් ප්‍රතිඵල අත් වේ.

වෘෂභ - වර්ෂය ලබන විට ලග්නාධිපති සිකුරු පාප ග්‍රහයන් දෙදෙනකුගෙන් ම පීඩා ලැබ ඇතත් මැයි මාසය ආරම්භ වන විට සිය ස්‌වක්‍ෂේත්‍ර රාශිය වූ ලග්නයට පැමිණීම යහපත් ය. එම ප්‍රසන්න ගමනක යෙදුණු සිකුරුට තම කේන්ද්‍රයේ ත්‍රිකෝණස්‌ථාන දෙක වූ 5 සහ 9 වැන්න පෙනෙන හෙයින් අධ්‍යාපනය හා භාග්‍යය පෙරටු අවස්‌ථාවක්‌ පෙන්වයි. එහෙත් තම කේන්ද්‍රයේ කුජ, බුද, කේතු යන ත්‍රි ග්‍රහ යෝගය 12 වැන්නේ යෙදීම ශුභදායක නැත. වෘෂභ ලග්න කේන්ද්‍රයේ අට අධිපති ගුරු ජුනි 1 වැනිදා සිට 2 වැන්නට පැමිණීම වූ කලි 11 වැන්නාධිපතියා ධනස්‌ථාන ගත වීමකි. වෘෂභ ලග්නයට ගුරු 8 අධිපතියා හෙයින් පාපියෙකි. පොරොන්දු ඉටු කිරීමට අපහසු වෙයි. අනියම් ලැබීම්වලට පමණක්‌ නරක නැත. මැයි මස මැද භාගයේ සිට ඉගෙනීම් කටයුතු කරගෙන යැමේ ශක්‌තිය උදා වේ.

තම කේන්ද්‍රයේ රැකියාව ගැන කියන දහවැන්නාධිපති සෙනසුරු 4 වැන්නේ බලවත්ව සිටීම නිසා රැකියා වෙනස්‌වීම් වලට ඉඩ ඇත. විදෙස්‌

රැකියා අපේක්‍ෂා කරන්නේ නම් එය ජය ගැනීමට බැරිකමක්‌ නැත. වෘෂභ ලග්නය හිමියාට සෙනසුරු යෝග කාරක ග්‍රහයා ය. හෙවත් බලවත් ග්‍රහයා ය. ඒ බලවතා මේ වර්ෂය පුරා සතුරු බලවේග මර්දනය කරනු ඇත.

මිථුන - වර්ෂය උදා වන විට ලග්නාධිපති බුධ නීචව හෙවත් දුබලව 10 වැන්නේ සිටියදී 11 වැන්න බලවත් වෙයි. ඒ නිසා බාහිර ආදායම් මාර්ග කෙරෙහි නැඹුරු වීම නිසා වෘත්තිය කටයුතු අඩපණ වීමට ඉඩ ඇත.

ශනි - රාහු දෙදෙනාම වර්ෂය පුරාම ගමන් කරන්නේ පස්‌ වැන්නේය. පුත්‍රස්‌ථානය බලවත් වීමක්‌ හා පීඩා වීමත් එකවර යෙදේ. දරුවන්ගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදුÊවන අතර, එම ශක්‌තිය හෙවත් පුළුවන්කම තමාට ලැබේ. ආදායම් තත්ත්වය යහපත් වුවත් නඩත්තු වියදම් අධික වීම නිසා ආර්ථික අසහනයක්‌ ද පෙන්වයි.

ශනි - රාහු ගමන් කරන්නේ අධ්‍යාපන ස්‌ථානය වූ 5 වැන්න හරහා ය. ඒ නිසා තාක්‍ෂණ අධ්‍යපනය පැත්තට පීඩාවක්‌ නැතත් පත පොතේ අධ්‍යාපනයකට යම් ප්‍රමාණයක පසුබෑමක්‌ පෙන්වයි. අපත්‍ය ආහාර ගැනීම නිසා උදරාබාධ මතු කරන්නට බලයි.

ජුනි මාසයෙන් පසු තම කේන්ද්‍රයේ 7 සහ 10 අධිපති ග්‍රහයා 5, 7, 10 යන බලවත් රාශි තුනම දකිමින් ලග්න රාශිය හරහා ගමන් කරන නිසා විවාහ අපේක්‍ෂිත අයට යහපත් විවාහ, රැකියා අපේක්‍ෂිත අයට බලවත් රැකියාත් ලබා ගැනීමේ පහසුකම් සැලසෙයි.

උපතින් සඳු තම කේන්ද්‍රයේ 5, 6 යන රාශියක සිටියේ නම් පරාජිත අත්දැකීම් ගණනාවකට ගොදුරු වේ. නඩුහබ හෝ චෝදනාවලට ද ඉඩ ඇති කාලයක්‌ වෙයි. හදසි අනතුරුවලට, ලේ සෙලවීම්වලට ද ඉඩ ඇත. සඳු 5, 6 වූයේ නම් ඒ අය ශාන්තිකර්ම සඳහා උනන්දු විය යුතුය.

කටක - නව වර්ෂය උදා වන විට ඔබේ කේන්ද්‍රයේ 4 සහ 10 වන කේJද්‍රස්‌ථාන දෙකම බලවත්ව තිබීම නිසා ඔබට මේ වර්ෂය හොඳයි. විශේෂයෙන්ම අවුරුද්ද ලබන විට ම ධර්ම කර්මාධිපති යෝගය බොහෝ දුරට සමාන භූමි - ද්‍රව්‍ය යෝගය (10 සහ 11 අධිපති ග්‍රහයන් දෙදෙනාගේ යෝගවීම.) යෙදී තිබීම වෘත්තීය බලයටත් ආර්ථික ශක්‌තියටත් ඉවහල් වන්නකි. කලාතුරකින් හෝ භූමි - ද්‍රව්‍ය යෝගය යෙදුණු විට ඉඩමක්‌ වැනි යමක්‌ මිලදී ගැනීමට ශක්‌තිය උදා කරයි. නො එසේ නම් 10 වැන්න වර්ධනය වීම නිසා රැකියා ලාභ මතු කරයි. අලුත් ව්‍යාපාර ඇරඹීමට වුවද නරක නැත.

ඔබේ කේJද්‍රයේ 7 අධිපති සෙනසුරු සිකුරුට අයත් රාශියක උච්ච බල යුතුව සිටීම නිසා මෙතෙක්‌ වයස ඉක්‌මවා යැම නිසා විවාහය අතපසු වූ අයට මංගල අවස්‌ථා මතුකර ගත හැකිය. විවාහය බිඳ ගත් අයටත් වැන්දඹු අයටත් මංගල යෝග මතුවන කාලයකි.

වර්ෂය ආරම්භයේදී ම 2 සහ 11 හෙවත් ධනස්‌ථානයත්, අයස්‌ථානයත් හිමි රවි - ශුක්‍ර 10 වැන්නේ යෝග වීම නිසා යම් ප්‍රමාණයක ආර්ථික ශක්‌තියක්‌ ද වේ.

ඉගෙනීම කටයුතු මධ්‍යස්‌ථ තත්ත්වයක වේ. අසනීප වීම් හා අනවශ්‍ය කරදර මතුකරන්නේ උපතින් සඳු ග්‍රහයා 4 වැන්නේ හෝ 9 වැන්නේ වූයේ නම් පමණි. ඉඩකඩම්, ගේදොර හා යාන වාහන පැත්තේ සංවර්ධනයකට බලවත් සෙනසුරුගේ ගමන යහපත් වෙයි. සා නැකතින් උපන් අය ශාන්තිකර්මවලට යොමු විය යුතුය.

සිංහ - වර්ෂය උදාවන විට සිංහ ලග්න හිමියාගේ ලග්නාධිපති රවි උච්ච බල යුතුව භාග්‍යස්‌ථානයේ වෙයි. කේන්ද්‍රයක 9 වැන්න බලවත් වීම යහපත් ය. 9 වැන්න පෙර කළ පින් පළදෙන රාශිය බැවිනි. එහෙත් ලග්නය දකිනු ලබන්නේ සිකුරු විසින් පමණි. එසේම වර්ෂාරම්භය සමඟම 9 වැන්නේ ධර්ම කර්මාධිපති යෝගය උදා වී ඇත. ධර්ම කර්මාධිපති යෝගය 9 වැන්නේ යෙදීම වඩාත් භාග්‍ය සම්පන්නයි.

ඒ නිසා අපේක්‍ෂා ඉටු වීම විදෙස්‌ ගමන් යෙදීම, විදෙස්‌ රැකියා ලාභ වැනි යහපත් ප්‍රතිඵල ලැබිය හැකි වර්ෂයකි. එහෙත් ජුනි 01 වැනිදා දක්‌වාම 8 අධිපති ගුරු 10 වැන්නේ ගමන් කරන බව අමතක නොකළ යුතු ය. ඒ නිසා ජුනි 01 වැනිදා දක්‌වාම වෘත්තීය කරදර හෝ අසහනය මතු කරන්නට බලයි.

වර්ෂයේ මුල් මාස 6 තුළ ඉගෙනීම් කටයුතු වේගවත් නැත. පතට පොතට දක්‌වන උනන්දුව අඩු වෙයි. මනස විසින් ඉගෙනීම මතු කරතත් ශරීරය විවේකය ඉල්ලයි. පසුබෑම ඒ නිසාය.

මැයි මස 27 වන තුරු ඉගෙනීම් කටයුතුවල පසුබෑමක්‌ වෙතත් එතැන සිට ඉගෙනීම් කටයුතු යහපත් වනු ඇත. බුද්ධිමය ප්‍රබෝධයක්‌ මතු කරයි.

ඔක්‌තෝබර් - නොවැම්බර් අතර කාලය සෞඛ්‍ය තත්ත්වය ප්‍රසන්න නැත. උපතින් සඳු ග්‍රහයා සිංහයේ වූයේ නම් ඒ අයට ජන්ම ඒරාෂ්ඨකය යෙදී අනියම් කරදර මතුකරයි.

කන්‍යා - වර්ෂය උදා වන විට කන්‍යා ලග්න හිමියාගේ කේන්ද්‍රයේ දුෂ්ට රාශියක්‌ වූ 8 වැන්නේ ග්‍රහ පොකුරකි. ලග්නය දකිනු ලබන්නේ නීච බුධ විසින් පමණි. ඒ නිසා වර්ෂාරම්භයේ ග්‍රහචාරය දුර්වලයි. වැරදි කෝණයකින් සමාජය ඔබ දෙස බලන තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. සමහර විට නෑ හිතවතුන් කෘතගුණ නොසලකාහැරීමේ සිත් වේදනා ඔබට ඇති විය හැකිය. ඒ නිසා සිතේ ප්‍රීතිය අඩු කරයි. අවස්‌ථාවාදීන්ට රැවැටීමට හෝ මුළා වීමකට ඉඩ ඇත.

ශාරීරික සෞඛ්‍යයත්, මානසික සෞඛ්‍යයත් දුබල වීම නිසා සමහර විට අනියම් කෝපයකින් කටයුතු කරන්නට පෙළඹෙයි. බොහෝ හිතවත්කම් දැක්‌වූ අය ඉවත බලන්නේ තමාගේම දුර්වල කමක්‌ නිසා ය. ආයාසයෙන් හිනා විය යුතු කාලයකි.

ජුනි 01 වැනිදා සිට බ්‍රහස්‌පති ග්‍රහයා 10 වැන්නට පැමිණෙයි. ජන්ම කේන්ද්‍රයේ හතර සහහත අධිපති ගුරු කේන්ද්‍රස්‌ථාන ගත වීම නිසා මෙතෙක්‌ පැවැති වෘත්තීය අවුල් ද විසඳෙනු ඇත. මැයි මාසයේ 28 වැනිදායින් පසුව ලග්නාධිපති බුධ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් යුතු 10 වැන්නට පිවිසීමේ වාසිය නිසා අපේක්‍ෂිත රැකියා ලැබීමට හැකි වෙයි. රැකියා බාධක ඉවත් වෙයි.

මේ සියලු යහපත් කම් මැද ජන්ම කේද්‍රයේ 8 වැන්නේ ග්‍රහයන් හතරදෙනකු සිටීම නිසා වර්ෂය මුලදී ප්‍රසන්න සෞඛ්‍ය තත්ත්වයක්‌ වෙතැයි සිතිය නොහැකිය.

තුලා - තුලා ලග්න හිමියාගේ කේන්ද්‍රයේ පංච මහා යෝගයට අයත් ශශ යෝගයත්, කලාතුරකින් යෙදෙන ලග්න අධියෝගයත් නිසා තුලා ලග්න හිමියාට වර්ෂාරම්භයේදීම මහත් ශක්‌තියක්‌ ලැබේ. බලවත් ආත්ම ශක්‌තියකින් යුතුව නැගී සිටීමේ පුළුවන්කම ඒ නිසා ලැබේ. සෙනසුරු ලග්නගතවීම නිසා ලග්න ඒරාෂ්ඨකය ලබා ඇති බවක්‌ පෙනෙතත් එය අයහපත් වන්නේ උපතින් සඳුÊලග්න රාශියේ වූයේ නම් පමණි.

සෙනසුරුගේ දෘෂ්ටිය 7 වැන්නට වැටෙද්දී 7 වැන්නේ රවි කුජ, සිකුරු. යෝග වීම නිසා විවාහයට දක්‌වන උනන්දුව යම් පමණකින් අඩු වෙයි. පස්‌වැන්නාධිපති රාහු සමඟ යෝග වීමත් අධ්‍යාපන කාරක බුධ වර්ෂාරම්භයේදී ම නීච ව රෝගස්‌ථානය වන 6 වැන්නේ වීම බුද්ධිමය පසුබැසීමකට හේතුවකි. නොවැම්බර් මාසය පමණ වන විට එම දුබලතාව මඟහැරේ. ජුනි 01 වැනිදා සිට ගුරුගේ දෘෂ්ටිය පස්‌වැන්නට වැටීම නිසා ඉගෙනීමට අවහිරතා අඩු වෙයි.

වායෝ භූතයට අයත් සෙනසුරු රාහු සමඟ යෝගව ලග්නයේ සිටීම නිසා සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රසන්න බව අඩු කරයි. එහෙත් ඒ නිසා වැඩ කටයුතු අතපසු වන්නේ නැත.

වෘශ්චික - වෘශ්චික ලග්න හිමියාගේ කේන්ද්‍රයේ දුෂ්ට රාශියක්‌ වන 6 වැන්නේ චතුර් ග්‍රහයෝගයක්‌ තිබියදී වර්ෂය ආරම්භ විය. හයවැන්නේ රවි - කුජ දෙදෙනාම බලවත් ය ඒ නිසා කුමන්ත්‍රණකාරී සතුරු බලවේග එල්ල වෙතත් ඒ සියල්ල මර්දනය කිරීමේ පුළුවන්කමක්‌ වේ.

වර්ෂය මුලදී දරුවකුගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් වැඩි අවධානයක්‌ යොදන්නට සිදුවේ. ලග්නාධිපති විසින් ලග්නය දැකීමේ වාසිය නිසා අභියෝගවලට මුහුණ දීමේ ශක්‌තිය පවතී.

ජුනි 01 වැනිදා ගුරු ග්‍රහයා 8 වැන්නට යැම නිසා අනාගතය වෙනුවෙන් සැලකිය යුතු මුදලක්‌ යෙදවීමකට ඉඩ ඇත. ලග්න ඒරාෂ්ඨකය දොරකඩ සිටින නිසා සිත් තැවුල්වලට ඉඩ ඇත.

ධනු - ධනු ලග්න හිමියාගේ කේන්ද්‍රයේ ශනි රාහු දෙදෙනාම 11 වැන්නේ සිටීම නරක නැත. ආර්ථික තත්ත්වය ශක්‌තිමත් වනු ඇත. ව්‍යාපාරික කටයුතු සඳහා උනන්දුÊවන බවක්‌ පෙනෙයි. රාහු - ශනි දෙනොම අයස්‌ථානයේ ගමන් කිරීම අලුත් ආදායම් මාර්ගවලට යහපත් එකකි.

කේන්ද්‍රයේ පස්‌වැන්න බලවත්ය. ගණිතය, තාක්‍ෂණය, වෛද්‍ය වැනි විෂය ප්‍රමුඛකොට ඉගෙනීම ලබන අයට යහපත් ය. නිවසින් පරිබාහිරව ඈත අධ්‍යාපනය ලබන අයට වඩාත් හොඳයි. වැඩිහිටි අයට දරුවන් වෙනුවෙන් වැඩි ඇපකැප වීමක්‌ කරන්නට වේ.

මකර - මේ වර්ෂයේ බලවත්ම කේJද්‍ර අතුරින් මකර ලග්නය එකකි. ලග්නාධිපතිව උච්ච බල යුතුව කර්මස්‌ථානය වූ දහ වැන්නේ ගමන් කිරීම එයට හේතුවයි. මකර ලග්න හිමියාගේ ලග්නාධිපති මෙසේ උච්ච බල ලබන්නේ වසර 30 කට වරක්‌ පමණි. මුළු ජීවිත කාලයම දීර්ඝායුෂ ලබතත් තුන් වරකට වඩා මේ සෙනසුරු උච්ච බල ලබන්නේ නැත. මකර ලග්න හිමියාට මෙසේ ශනිගේ බලවත් වීම වෘත්තීය ස්‌ථානය වූ 10 වැන්නේ යෙදීම වැදගත් ය. අලුත් රැකියා - ව්‍යාපාර සඳහා ශක්‌තියක්‌ ලැබෙන වර්ෂයකි. උපතින් චJද්‍රයා 10 වැන්නේ නොසිටියේ නම් ප්‍රතිඵල වඩාත් සතුටුදායක වේ. මේ වර්ෂය තුළ මකර ලග්න හිමියා ගේ දොර යාන වාහන ආදියෙන් වාසිදායක ප්‍රතිඵල ලැබිය හැකි වේ.

කුම්භ - කුම්භ ලග්න හිsමියාගේත් ලග්නාධිපති සෙනසුරුමය. එම සෙනසුරු කුම්භ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ භාග්‍යස්‌ථානය වූ 9 වැන්නේ බලවත්ව ගමන් කරයි. ඒ ගමන රාහුත් සමගය. රාහු ද 9 වැන්නට යහපත් ග්‍රහයෙකි.

විදෙස්‌ ගමන් අපේක්‍ෂා කරන්නේ නම් බාධා නැත. ප්‍රධානීන් සමඟ ඈත්ව කටයුතු කරන තරමට යහපත් ය. අති ධාවන අයුරින් තීරණ ගැනීමෙන් වළකින්න. එවිට බොහෝ දුරට ආරක්‍ෂිතයි. සේවක සේවිකාදීන්ගේ අනුග්‍රහය ලැබෙයි. ඉදිකිරීම් කටයුතුවලට ද යහපත් ය. උපතින් සඳු සිටියේ 9 වැන්නේ නම් ශුභ ඵල අඩුය.

මීන - මීන ලග්න හිමියාගේ කේන්ද්‍රයේ සෙනසුරු 8 වැන්නේ ගමන් කරන වර්ෂයකි. එය අෂ්ටම ඒරාෂ්ඨකයයි. මේ වර්ෂය පුරාම මීන ලග්නයට ඒරාෂ්ඨක අපල සහිතයි. වැටීම්, තුවාලවීම් වලට නැඹුරු කටුක අත්දැකීම් ලබන වර්ෂයකි. උපතින් සඳු ද අට වැන්නේ වූයේ නම් සමීප ඥාතිවරයකුගේ අභාවයකට ද ඉඩ ඇත. වැටීම් තුවාලවීම් වෙතොත් සුළුÊසැත්කම්වලට ඉඩ ඇති කාලයකි. මෙසේ අෂ්ඨම ඒරාෂ්ඨකය තිබියදී ගුරු ග්‍රහයා බලවත්ව ස්‌වකීය ස්‌වක්‍ෂේත්‍ර රාශිය වූ මිථුනයට පැමිණීම තවත් මාස දෙකකින් සිදු වේ. එතැනදී ලග්නාධිපති කේන්ද්‍රස්‌ථානගත වීමේ වාසිය ලැබේ. ගුරු බලවත් වීම නිසා සතුරු බලවේග මඟහැරෙනු ඇත.

 ආචාර්ය  පියසේන රතුවිතාන
දිවයින පුවත්පත ඇසුරිනි
 Lagna palapala
-සබැදි පුවත්-

1.ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට කොහොමද? 

2. 2013 ඔබට කොහොමද ? Lagna palapala 

Gossip Lanka Hot News Previous News Archive