බොදු බල සේනාවේ පිපිරීමක් - A blast within the Bodu Bala Sena

හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් රට පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවූ බොදු බල සේනා සංවිධානයේ අභ්‍යන්තර පිපිරීමක් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.මේ පිපිරීමට හේතු වී තිබෙන්නේ එහි ප්‍රධාන නිලධාරීන් කීපදෙනකු අතර පවතින අනවබෝධයක් බව කියනු ලැබේ.

මේ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්ගෙන් විමසූ විට පැවැසුවේ සංවිධානයේ අභ්‍යන්තරයේ යම් යම් මත ගැටුම් තිබෙන බව සත්‍යයක් වුවත් බොදු බල සේනා සංවිධානයේ පුපුරා යෑමකට ඉඩ නැති බවයි. වාර්තා වන අන්දමට මේ ගැටුම් ආරම්භ වී තිබෙන්නේ සංවිධානයේ සම්බන්ධීකාරක හිමිනමක් හා එහි මාධ්‍ය ප්‍රචාරක අතරය.මාධ්‍ය ප්‍රචාරකගෙන් මේ තත්ත්වය විමසීමේදී ඔහු සඳහන් කෙළේ තමාගේ භූමිකාව සංවිධානයේ ඇතැම් අය නිවැරැදිව තේරුම් නොගැනීම හේතුවෙන් යම් අනවබෝධයක් ඇති වී තිබෙන බවයි.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රචාරක කටයුතු සඳහා මේ දිනවල ඇමෙරිකාවට වැඩම කර සිටින සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවැත දිවයිනට වැඩම කිරීමෙන් පසු මේ තත්ත්වය ගැන සාකච්ඡා කොට සමථයකට පත්කිරීමට හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

Gossip Lanka Hot News Previous News Archive