චීනයේ මහා භූමිකම්පාවක් - Hundreds feared dead following earthquake in China

අද උදෑසන (20) චීනයේ සිචුවාන් පළාතේ යාන් ප‍්‍රදේශයේ සිදුවූ ප‍්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

එරට වේලාවෙන් පෙ.ව. 8.00ට සිදුවූ මෙම භූකම්පනයේ ප‍්‍රබලත්වය රිච්ටර් මාපක අගයෙන් 6.6ක් වන අතර පසුකම්පන කිහිපයක් ද ඇතිව තිබෙන බව වාර්තා වේ.භූමිකම්පාව සිදුවී පැය 4ක් ගතවන විට පුද්ගලයන් 72ක් මියගොස් තවත් 600කට තුවාල සිදුව ඇතැයි චීනයේ සීසීටීවී පුවත් සේවය වාර්තා කරන බව ඒ.ඇෆ්.පී. පුවත් සේවයේ දැක්වේ.චීන බලධාරීන් පවසන්නේ මෙම භූකම්පනයෙන්ද, ඒසමග ඇති වූ නාය යාම් හා ගොඩනැගිලි විනාශ වීම් හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.මේ අතර, සින්හුවා පුවත් සේවය සඳහන් කරන්නේ සඳහා ගුවනෙන් හා ගොඩබිමෙන් හමුදා භටයන් 2,000ක් පමණ මෙම ප‍්‍රදේශයට පිටත් කර යවා ඇති බවයි.

සිචුවාන් පළාතේ 2008 වසරේ ඇති වූ රිච්ටර් මාපක 8ක භූ කම්පනයෙන් පුද්ගලයන් 90,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය.සුන්බුන්වලට සිරවී සිටින්නන් ගලවාගැනීමේ මෙහෙයුම් හා සහන සේවා මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද විදෙස් වාර්තා වල තවදුරටත් දැක්වේ.













Gossip Lanka Hot News Previous News Archive