මහේල ගාම්භීර්ට පරදී

අයි.පී.එල්. තරගාවලියේ පළමු ජය වාර්තා කිරිමට ගෞතම් ගාම්භීර්ගේ නායකත්වයෙන් යුත් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය.ඒ, මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමත් සමගිනි.

කොල්කටාහි ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනු කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරධනා කළේය.ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20තුළ කඩුලු සියලුදෙනා දැවී ලබාගත් ලකුණු ගණන 128කි.දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධගේ පිත්තෙන් මෙවර අයි.පී.එල්. තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා විය.මහේල පන්දු 52කදී ලකුණු 66ක් ලබා ගත්තේය.ඊට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.තරගයේ වීරයා සම්මානය දිනාගත් සුනිල් නරේනා ලකුණු කට කඩුලුක් දවා ගත්තේය.
ඩේවිඩ් වෝර්නර් ලකුණු ක් ලබාගත් අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරුවන් 9දෙනෙකුම ලකුණු 10සීමාව පසු කිරිමට නොහැකි විය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහි ඉලක්කය පසු කළේය.
ගෞතම් ගාම්භීර් ලකුණු 42ක් ලබා ගත්තේය.
මේ අතර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව වේගපන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංගට අහිමි වී තිබෙනවා. ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග අයි.පී.එල් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියායි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රිකී පොන්ටින් සඳහන් කළේ මාලිංගගේ පුරප්පාඩුව සඳහා මිචෙල් ජොන්සන් හෝ මුනාෆ් පටෙල් යන කී‍්‍රඩකයින්ගෙන් අයෙකු අද තරගයේදී කී‍්‍රඩා කරන බවයි.








Gossip Lanka Hot News Previous News Archive