තරු පන්ති හෝටල් මත්තලට

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ භුමියේ අලුතෙන් කාමර 15,000ක තරු පන්ති හෝටල් දහයක් ඉදිකරන බවත් හෝටල් දහයේ ඉදිකිරීම් කටයුතු තව නොබෝ දිනකින් එම ව්‍යාපාරිකයන් විසින් ආරම්භ කරන බව ද හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දි ප‍්‍රකාශ කළේය.

මීට අමතරව හම්බන්තොට මිරිජ්ජවිල ලොව විශාලතම සංචාරක හෝටල් ව්‍යාපාරයේ ශාඛාවක් සඳහා ගොඩනැගිලි ඉදිකිරීම මේ වන විට කඩිනමින් සිදුකරගෙන යයි.වීරවිල, සූරියවැව සහ ලුණුගම්වෙහෙර ද අලුතෙන් හෝටල් ඉදිකෙරෙනු ඇත. වීරවිල වැව ආශ්‍රිතව තරු පන්තියේ අති සුඛෝපභෝගී හෝටලයක ඉදිකිරීම් ද අරඹා තිබේ.වැලිපටන්විල, උයන්ගොඩ ප‍්‍රදේශයේ සමුද්‍රාශි‍්‍රතව තවත් හෝටලයක් ඉදිකිරීමටත් හම්බන්තොට පීකොක් බීච් හෝටලය නවීනතම අංගෝපාංගයන්ගෙන් යුතුව නවීකරණය කොට වර්තමානයට ගැළපෙන අන්දමින් පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive