සහනාධාර මත යැපෙන යුගය අවසන් - අමාත්‍ය කෙහෙළිය

විදුලි බල ගාස්තු වැඩි කිරීම හේතුවෙන් නැගෙන විරෝධතාවලට ආණ්ඩුව සවන් දීමට කැමැත්තෙන් සිටින නමුත් මේ මොහොතේ දුෂ්කර තීරණය ගැනීමට සිදුවී ඇති බව රජය ප්‍රකාශ කරයි.

රජය විසින් තීන්දුවක් ගත් විට එය සංශෝධනය කිරීමට හෝ ඒ ගැන නැවත හිතා බැලීමට හෝ අවස්ථාවක් නැති බව ඇඟවෙන්නේ නැති බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසුවේය.නමුත්, රටේ සැමට විදුලිය සැපයීමට නම් විදුලි ගාස්තු වැඩි කිරීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මාධ්‍ය කරුවන් අමතමින් කියා සිටියේ.

"හාල් සේරුව ශත විසි පහට දෙනවයි කිව්වහම ආණ්ඩුව පෙරලපු යුගයක් මේ රටේ තිබුනේ. එක තමයි මේ රටට තිබ්බ විනාශය," අමාත්‍ය රඹුක්වැල්ල එසේ පවසමින්, සහනාධාර මත යැපෙන යුගය අවසන් විය යුතු පැවසුවේය.

සෑම දේටම සහන ලබා දෙමින් දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බව පැවසූ ඔහු සැබවින්ම එහි අවසානයක් එන බවත් මේ අවස්තාවේදී රජය ඉතා අපහසු තීන්දුවක් ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

නිවැරදි තීන්දුවක් මේ මොහොතේ හෝ නොගතහොත් සහනාධාර මත යැපෙමින් ජනතාව තවදුරත් අගාධයක් කරා ලඟා වීම වැළැක්විය නොහැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවදුරටත් පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive