බොස්ටන් ප්‍රහාරයේ සැකකාර දෙදෙනා සහෝදරයින් - Boston bombing suspect

ඉපදී ඇත්තේ රුසියාවේ
පසුගියදා සිදුවූ ඇමරිකාවේ බොස්ටන් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහෝදරයින් බව අනාවරණය වී තිබේ. ඔවුන් කුමන ජාතිකයින්ද ? ඇමරිකාවේ පුරවැසි භාවය ලබා ගත්තේ කවදාද ? වැනි වැදගත් තොරතුරු රැසක් ඇමරිකානු ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

වාර්තාවන ආකාරයට මෙම සැකකරුවන් දෙදෙනාට ඇත්තේ Chechen සම්භවයකි. Chechen සම්භවයක් ඇති අයගෙන් වැඩි පිරිසක් අදහන්නේ සුන්නි මුස්ලිම් ආගමයි.

2012 වසරේ දත්ත වලට අනුව ලෝකය පුරා Chechen සම්භවයක් ඇති ජනතාව මිලියන 1.7 ක් පමණ ජීවත්වන අතර මොවුන් බහුලව රුසියාව තුළ ජීවත් වේ.


සැකකාර අයිය මලෝ

ඇමරිකානු ආරක්ෂක අංශ විසින් නිකුත් කර තිබෙන ඡායාරූප අනුව කළු පාට තොප්පියක් පැළඳ සිටින්නේ 26 හැවිරිදි Tamerlan Tsarnaev වන අතර ඔහු ඇමරිකානු ආරක්ෂක අංශ වෙඩි පහරින් අද මිය ගියේය. ඔහු ඉපදී තිබෙන්නේ රුසියාවේදීයි.

ඔහුගේ සහෝදරයා වන 19 හැවිරිදි Dzhokhar Tsarnaev ඡායාරූපයේ සුදු තොප්පියක් පැළඳ සිටී. ඔහු පළාගොස් තිබෙන අතර වාර්තා වන්නේ සන්නාහ සන්නද්ධ ඇමරිකානු සෙබළුන් 9000 ක් පමණ ඔහු සොයා බොස්ටන් හා වොටර් ටවුන් යන නගරවල දැවැන්ත සෝදිසි මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි.තවමත් ජීවතුන් අතර සිටින මෙම ලාබාල සැකකරුවා දෙවන වසරේ වෛද්‍ය සිසුවෙකු ලෙස අනාවරණය වන අතර ඉපදී තිබෙන්නේ කිර්ගිස්තානයේයි. කිර්ගිස්තානය මීට පෙර සෝවියට් සංගමයට අයත්ව තිබුණි.

ඇමරිකාවට පැමිණීම

ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මෙම සහෝදරයින් දෙදෙනා සිය පවුලේ සාමාජිකයින් සමග 2002 හෝ 2003 වසර වලදී ඇමරිකාවට පැමිණ තිබෙන බවත් 2007 වසරේදී ඔවුන් නීත්‍යාණුකූල ඇමරිකානු පුරවැසි භාවය ලබා තිබෙන බවයි.මීට අමතරව, මොවුන් දෙදෙනා යුධ පුහුණුව ලබා තිබෙන අය බවද ඇමරිකානු ආරක්ෂක අංශ කියයි.පසුගියදා බොස්ටන් මැරතන් තරගයේ අවසානයේ සිදුවූ පිපිරීම් වලින් තුන් දෙනෙකු මියගිය අතර තවත් 176 දෙනෙකු තුවාල ලැබීය.

ඡායාරූප වලින් දැක්වෙන්නේ අදාළ ප්‍රහාරයට අයියා මලෝ සම්බන්ධ වී සිටින ආකාරයයි.




Gossip Lanka Hot News Previous News Archive