සුපිරි ඕවරයේ ජය සංගක්කාරගේ පිලට

රෝයල් චැලෙන්ජර්ස් පිලට එරෙහිව සුපිරි පන්දු ඕවරයේ දී ජය අත්කර ගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් සන්රයිස් හයිදාබාද් පිල සමත්විය.

හයිදාබාද් නුවර පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංග්ලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 130ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදාබාද් පිලට ලබාගත හැකිවූයේ ද ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 130ක් පමණි.

ඒ අනුව වසර හතක අයි.පී.එල්. තරග ඉතිහාසයේ තුන්වැනි සුපිරි පන්දු ඕවරය ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.හයිදාබාද් පිල වෙනුවෙන් සුපිරි ඕවරයට මුහුණදීමට තිසර පෙරේරා හා කැමරොන් වයිට් පිටියට පිවිසි අතර ප්‍රවීන් කුමාර් යවනු ලැබූ එම ඕවරයේ දී ලකුණු 20ක් ලබාගැනීමට ඔවූහූ සමත්වූහ.

ප්‍රවීන්ගේ ඕවරයට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කිරීමට ද වයිට් සමත්විය. බැංග්ලෝර් පිල වෙනුවෙන් ක්‍රිස් ‍ගේල් හා විරාත් කෝලි පිටියට පිවිසි අතර පන්දු යැවිම භාරවූයේ ඩේල් ස්ටේන්ටය. ඒ ඕවරයේ දී බැංග්ලෝර් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 15ක් පමණි.

බැංග්ලෝර් - 130/8 (ඕවර 20) විරාත් කෝලි 46, මොයිසස් හෙන්රිකස් 44 (ඉෂාන්ත් ෂර්මා 27/3)

හයිදාබාද් -130/7 (ඕවර 20) හනුමා විහාර් නොදැවී 44 ( හෙන්රිකස් 14/2, උනද්කට් 24/2)

.

Gossip Lanka Hot News Previous News Archive