ජාත්‍යන්තර ගුවන් සේවා වලට මත්තල එපා වෙයි

ජාත්‍යන්තර ගුවන් සමාගම් ගණනාවක්ම ශී‍්‍ර ලංකාවට පැමිණීම නතර කර දැමීමට තීරණය කර ඇත. ගුවන් සමාගම් එම තීරණයට එළඹීමට තීරණය කර ඇත්තේ කටුනායකට පැමිණෙන ගුවන් යානාවලට මත්තල ගුවන් තොටුපළටත් ගොඩබැසීම අනිවාර්ය කිරීම හේතුවෙනි.

මේ අනුව මැලේසියාවේ ගුවන් සමාගමක් වන එයා ඒෂියා ගුවන් සේවය අපේ‍්‍රල් 01 වැනිදා සිට ශී‍්‍ර ලංකාවට පැමිණෙන ගුවන් ගමන් නතර කර දමා ඇත. මීට අමතරව තායි එයාර් ඒෂියා ගුවන් සමාගමද එම තීරණයම ගෙන තිබේ.මීට අමතරව ගල්ෆ් එයා ගුවන් සමාගම හා මාලේ ගුවන් සමාගමද ලංකාවට පැමිණීම පිළිබඳව සලකා බැලීමට තීරණය කොට ඇත. මාලේ ගුවන් සමාගමේ බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ විනාඩි 45 න් කටුනායකට පැමිණෙන ගුවන් යානය මත්තලට ගොඩ බැස්සීම හේතුවෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ගතවන බවය. ඒ හේතුවෙන් දැරීමට වන අමතර ගාස්තු තම සමාගමට දැරිය නොහැකි බවද ප‍්‍රකාශ කර ඇත.
මත්තල මෙතෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පිළිගත් සහතිකයක් නොතිබීමද ගුවන් යානා ගුවන් තොටුපළ වර්ජනය කිරීමට හේතුවක් වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive