නයි නළඟන ඇප මත නිදහස්

අත්අඩංගුවට ගැනුණු නයි නලඟන ලෙසින් ප‍්‍රසිද්ධ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි පොලිස් ඇප මත මුදා හැරුණා. ඒ, ඇය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එහිදී සැකකාරිය රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 

ඊයේ රාත‍්‍රියේ නයි නලඟන හෙවත් නිරෝෂා විමලරත්න අත්අඩංගුවට ගැනුණේ විදේශ රටක සිට මෙරටට පැමිණ සිටියදියි.වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව නාගයකු ළඟ තබාගැනීම ඇයට එරෙහිව පැවැති චෝදනාවයි. සමාජ ශාලාවක නාගයෙකු සමග සිටිය දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාල නඩු විභාගය සඳහා ඉකුත් 04 වැනිදා අධීකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඇයට වරෙන්තු නිකුත් කර තිබුණා. අදාල නඩුව සැප්තැම්බර් 05 වැනිදා දක්වා කල්තැබීමට ද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අද නියෝග කළා.

Gossip Lanka Hot News Previous News Archive