2012 දී 6.4% ක සංවර්ධන වේගයක් - Sri Lanka records 6.4% GDP growth in 2012

පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව 6.4 ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.මහ බැංකු අධිපතිවරයා විසින් මෙරට ආර්ථික දත්ත ඇතුළත් මහ බැංකුවේ නිල වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විසින් අද (09) උදෑසන පිළිගන්වන ලදී.

2012 වසරේදී අභි‍යෝග රාශියක් මැද මෙම ආර්ථික වර්ධන වේගය අත්පත් කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ස්වර්ණා ගුණරත්න මහත්මිය එහිදී පැවසීය.ගෝලීය ආර්ථික වර්ධන වේගය මන්දගාමීවීම, ඉන්දියාවේ ආර්ථිකයේ කඩා වැටීම මෙන්ම කාලගුණික බලපෑම්, වෙළඳ හිඟය ඉහළ යාම හා අධික ණය සහ මුදල් ප්‍රසාරණය මෙරට ආර්ථිකය මුහුණ දුන් බලපෑම් වේ.එම බලපෑම්වලට මුහුණදීම සඳහා පොලී අනුපාතය ඉහළ දැමීම, ණය වර්ධනය සඳහා සීමා පැනවීම, විනිමය අනුපාත නම්‍යශිලීවීමට ඉඩ හැරීම ඒ වෙනුවෙන් අනුගමනය කළ ප්‍රතිපත්තීන්ය.
ඉකුත් වසරේදී ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2923කි.එසේම ඉකුත් වසරේදී කෘෂිකර්ම අංශය 11.1%ක් ලෙසද සේවා අංශය 58.5%ක් ලෙසද ආර්ථික වර්ධන වේගයක් සටහන් වී ඇත.මේ වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 7.5ක් අපේක්ෂා කරන බවද එහිදී ප්‍රකාශ විණ.එසේම ඉදිරියේදී පොලී අනුපාත පහල දැමීමක් අපෙක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසීය.
පෙර දෙවසරට වඩා 2012 වර්ෂයේ ආර්ථික වර්ධනය පහළ ගිය ද ගෙවුණු වසර හතර තුළ 6.7%ක ආර්ථික වර්ධන සාමාන්‍යක් පවත්වා ගැනීමට හැකිව ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Gossip Lanka Hot News Previous News Archive