මත්තල කටුගෙයක් කරන බව එජාපය කියයි

මෑතක දී ඉදිකෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නිසි ප‍්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරනවා. පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ පාරිසරික ක‍්‍රියාදාමය පිළිබඳ කිසිඳු අවධානයක් සිදුනොකර ගුවන් තොටුපලේ ඉදිකිරීම් සිදු කිරිමෙන් ගැටළු රැසක් පැන නැගි ඇති බවයි.
මත්තලට ගුවන් යානා ගොඩබෑමට හා නැංවිමට පෙර රතිඤ්ඤා මල්වෙඩි පත්තු කර කුරුල්ලන් එලවීමට සිදුව ඇතැයි ඔහු කීවේය.
‘මත්තල අවට සියලු දිය කඩිති වසා දැමීමට යන බව කියනවා. මහජනතාවට පමණක් නොව සතුන්ටත් වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති ගැන කිසිම සැලකිල්ලක් නොදක්වා ගුවන්තොට හදා තිබෙනවා.‘
හම්බන්තොට ඉදිකළ වරාය, මෙන්ම මත්තල ගුවන් තොටුපල ද ඉදිරි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක දී කෞතුකාගාර බවට පත් කිරීමට සිදුවන බවයි තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේ.

Gossip Lanka Hot News Previous News Archive