හලාල් සඳහා විසඳුමක් දිය යුත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

බොදු බල සේනා සංවිධානය විසින් හලාල් ගැටලුව පිළිබඳ කතා කිරීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැදිහත් වීම මත තවතා දැමුවත් දැන් නැවත ආණ්ඩුවේ ඇමැතිවරුන් හලාල් ගැටලුව ඉස්මතු කිරීමට උත්සාහ ගන්නේ නම් ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේද ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා බව සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
 මුස්ලිම් ජනයා 2006දී හලාල් නොමැතිව ආහාර ගත් විදියක් තිබූ බවත් ඒ ආකාරයෙන් දැනුත් ආහාර ගැනීමට හැකියාවක් ඇති බවත් මුස්ලිම් ජනයාගේ ක්‍රියාවලිය මෙරට සමස්ත රට වැසියාට අනවශ්‍ය බවත් පවසන උන් වහන්සේ 2009 දී හලාල් ලාංඡනය හෝ සහතිකය ලබා ගැනීමට මත්තෙන් මෙරට භාණ්ඩ පිටරට යැව්වේ නම් දැනුත් එය කිරීමට හලාල් ක්‍රියා පද්ධතිය හේතුවක් නොවන බවත් පැවැසූහ.ආණ්ඩුවේ ඇමැතිවරු නැවත හලාල් ගැටලුව ඈඳා ගනිමින් සමාජය අවුල් කිරීමට උත්සාහ දරන බවත් තම සංවිධානයට ‍දොස් නැඟුවද ආණ්ඩුවේ ඇමැතිවරුන්ම දැන් සමාජය අවුළන්න උත්සාහ දරන බවත් උන් වහන්සේ තවදුරටත් කියා සිටිති.

Gossip Lanka Hot News Previous News Archive