IPL ගිය අපේ අයට වෙච්ච දෙයක්. . .

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තරග 41ක් අවසන් වී ඇතත්, කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකුට මෙතෙක් කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකි වීම පිළිබඳව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කතාබහක් මතුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හමුවේ ඊට එක්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට තරගාවලියේ මෙතෙක් හොඳම දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයන් දසදෙනා අතරට එක්වීමට නොහැකි වීමයි. 

පන්දු යවන්නන් අතරින් තිසර පෙරේරා 17වෙනි ස්ථානයේත් , ලසිත් මාලිංග 31වන ස්ථානයේත්, සචිත‍්‍ර සේනානායක 40වන ස්ථානයේත් පසුවනවා. පිතිකරුවන් අතරින් මහේල ජයවර්ධන 15වන ස්ථානයේත්, තිසර පෙරේරා 28වන ස්ථානයේත් පසුවන අතර කුමාර් සංගක්කාර පසුවන්නේ 48වන ස්ථානයේයි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් 11 දෙනෙකු තරගාවලියට එක්වුවත් කිසිදු ක‍්‍රීඩකයෙකුට මෙතෙක් කිසිදු කණ්ඩායමක ස්ථිර සාමාජිකයෙකු බවට පත්වීමට නොහැකි වීමද විශේෂත්වයක්.

Gossip Lanka Hot News Previous News Archive