වෙසක් සමයේ විකෘති වෙස් මුහුණු විකිණීම තහනම්

වෙසක් සමයේදී මෙරට වෙළෙඳපොළට විකෘති වෙස් මුහුණු අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි. විදෙස් රටවලින් ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය කරන විකෘති වෙස් මුහුණු සම්බන්ධයෙන් මහජන පැමිණිලි රැසක් සිය අමාත්‍යංශය වෙත ඉදිරිපත් වී ඇති බව අමාත්‍යංශ ලේකම් එම්. බී. දිසානායක මහතා පවසයි.

මේ සම්බන්ධව පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කර ඇති අතර වෙළෙඳපොළේ ප්‍රමිතියෙන් තොර පූජා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.නොගැළපෙන භාණ්ඩ ඇතුළත් කර ව්‍යාජ ලෙස සකසන ලද අටපිරිකර වෙළෙඳපොළේ අලෙවි වන බවට වන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර මහ ජනතාව භීතියට පත් කරන විකෘති වෙස් මුහුණු මෙරටට ගෙන්වන පුද්ගලයන් සහ අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට යෝජනා කිරීමටද අමාත්‍යංශය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive