ගෙල මිරිකා දූෂණය කරලා

2007 වසරේ නොවැම්බර් මස 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා තරුණියක ඝාතනය කර තිබු අතර මේ ඝාතනයට සැකකරු ලෙසින් මීගමුව රෝහලේ සිමාවාසික වෛද්‍යවරයෙක් වු සුදර්ශන බාලගේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණි.

මීගමුව මහාධිකරණයේදි මේ නඩුවේ සාක්ෂි විමසිම මේ දිනවල සිදුවෙමින් තිබේ.

පෙරේදා (06) දා එහි පැමිණි රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි ප්‍රියන්ජිත් පෙරේරා මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ, චමිලා දිසානායක මෙනවිය 6 වන මහලින් බිමට වැටිමට පෙර දූෂණයට ලක්ව ඇති බවත් ඇගේ ගෙල මිරිකා බෙල්ල ද සපා ඇති බවත්ය.

එමෙන්ම ඇගේ සිරුරේ තුවාල 63 ක් නිරික්ෂණය කළ බවද තවදුරටත් ඔහු මෙහිදි ප්‍රකාශ කළේය.


මෙම නඩුව යළිත් හෙට (09) කැදවිමට නියමිත අතර එදිනටද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Gossip Lanka Hot News Previous News Archive