රෝහණ විජේවීරගේ දියණිය රිමාන්ඩ් - Daughter of Rohana Wijeweera arrested

ජනතා විමුක්‌ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විඡේවීර මහතාගේ දියණියක වන ඊෂා විඡේවීර මෙනවිය ලබන ජුනි මස 3 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (20 දා) නියෝග කළ වත්තල මහෙස්‌ත්‍රාත්වරයා එදිනට ඇය පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක්‌ද කැඳවන ලෙසද නියෝග කළේය.

සිය සොහොයුරකුට දරුණු ලෙස පහර දීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට ගත් ඊෂා විඡේවීර මෙනවිය ඊයේ (20 දා) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ නීතිඥ සහායක්‌ පවා ලබා නොගෙන කලහකාරි ලෙස හැසිරී ඇති ඇයව මෙම අධිකරණ නියෝගයට අනුව ඊයේ දහවල් වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන විත් තිබිණි.පසුව බන්ධනාගාර රෝහලට රැගෙන ගිය ඊෂා අධිකරණ නියෝගය අනුව ඊයේ (20 දා) පස්‌වරුවේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට බන්ධනාගාර බලධාරීහු කටයුතු කළහ.

Gossip Lanka Hot News Previous News Archive