ස්වාසිලන්තයේ රජතුමාගේ 14 වැනි කන්‍යාවිය රටින් පනී ! 14th Virgin Queen of Swaziland

ස්වාසිලන්තයේ රජතුමා ඔහුගේ 14 වැනි බිසව ලෙස තමන් ලබා ගැනීමට කටයුතු කරන නිසා බ්‍රිතාන්‍යයට පැන ආ හෙයින් තහන්ට දේශපාලන රැකවරණ ලබා දෙන ලෙස ස්වාසිලන්තයේ 22 හැවිරිදි තරුණියක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලයි.

ස්වාසිලන්ත රජු සෑම වසරකම කන්‍යාවියක් තම බිසව ලෙස ඔහුගේ අන්තපුරයට ගන්නා බවත්, දැනට බිසවුන් 13 දෙනකු සිටින බවත් ඇය කියන්නීය.

ස්වාසිලන්ත රජු තමාගේ රජ මාලිගයේ බිසවක් වීමට තමන්ට යෝජනා කළ අතර රජුට ඇති බිය නිසා තමන් කිසිවක් නොපවසා සිටි බවත්, තම ජීවිතය ඔහු සමග ගත කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.රජ මාලිගයේ දැනට සිටින බිසවුන් සියල්ලම ආරක්ෂක භටයින්ගේ නිරීක්ෂණය යටතේ රඳවා සිටින බවත් ඔවුන්ට නිදහසේ ගමන් බිමන් කළ නොහැකි බවත් පවසන ඇය තමන් යළි ස්වාලන්තයට පිටුවහල් කලහොත් රජු විසින් තමන් මරා දමනු ඇති බවත් ඇය බ්‍රිතාන්‍ය රජයට පවසා තිබේ.



Gossip Lanka Hot News Previous News Archive