නිව්යෝර්ක් සිනමා උළෙලේ හොඳම නළුවා ජගත් චමිල

ඊයේ (20) පැවති අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා ලෙස ජගත් චමිල සම්මානයට පාත්‍රවී තිබේ.

අප රටේ රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය යයි සැලකෙයි.

කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද “සැමීගේ කතාව”(sam’s story) නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාච්චි ’සැමීගේ කතාව’ නමින් නිමානය කල සිනමාපටයේ ’සැමීගේ’ චරිතය සඳහා ජගත් චමිලට මෙම සම්මානය හිමිව ඇත.ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප'සෙල් (කැනඩා), එඩ්වර්ඩ් ෆලෝන්ග් (අමෙරිකා), සෙබස්තියන් ෙජ්සන් (ඩෙන්මාර්ක් ), ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන යන නළුවන්ගේ නම් ද මෙම සම්මානය සඳහා නිර්දේශවී තිබිණ.

මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනි මස 13 දින සිට 20 දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවති අතර ඊයේ එහි සම්මාන ප‍්‍රධානය පැවැත්වින.


තිස්ස ජයවර්ධනයන්ගේ 'සමනළ කන්ද˜ වේදිකා නාට්‍යයෙන් පාසල් අවදියේම රංගනයට පැමිණි ජගත් චමිල, 1989 දි සිය ප‍්‍රථම සිනමා රංගනයට එක්වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ 'ගුරුදෙර˜ සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය.

මේ කොලූ ගැටයා වේදිකාවේ, සිනමාවේ මෙන්ම රුපවාහිනි නාට්‍ය තුළද තම රංග කුශලතාව ඔප් නංවා ගත්තේ සිය සහජ කුශලතාව රංගනයම බව පසක් කරමිණි.

ජෝ අබේවික්‍රමයන් 'පුරහඳ කළුවර˜ සඳහා ආසියාවේ හොඳම නළුවා ගේ සම්මානය ලබාගැනීමෙන් අනතුරුව මෙරට රංගන ශිල්පියෙකු ජාත්‍යන්තර යේ හොඳම නළුවන් අතරට පැමිණ තිඛෙන්නේ ජගත් චමිලය.
 Jagath Chamila wins the 'Best Actor' award at the New York City 
International Film Festival for his role in Sam's Story.

Gossip Lanka Hot News Previous News Archive