අනුන්ට හිරිහැර කරමින් ආගම් අදහන්න බෑ - අධිකරණය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම් ඇදහීමේ නිදහස සහතික කර තිබුණද, අන්‍යයන්ට හිරිහැරයක් වන ආකාරයෙන් එම අයිතිය භුක්ති විඳිය නොහැකි බව ශ්‍රේෂ්ටාධිකරණය පවසයි.

ශ්‍රේෂ්ටාධිකරණය ඒ බව සඳහන් කළේ පසුගිය ජුනි 17 වැනි දින ගාල්ලේ ගිංතොට පෙන්තකොස්ත සභාවට අයත් ආගමික මධ්‍යස්තානයකට බෞද්ධ භික්ෂුන් වහන්සේ පැමිණ කළ පහරදීමක් සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ.

එම අවස්ථාවේ පොලීසිය මැදිහත් වී යාඥා පැවැත්වීම තහනම් කිරීම හේතුවෙන් තමන් කැමති ආගමක් නිදහසේ ඇදහීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට ආගමික මධ්‍යස්ථානයේ භාරකරුවෝ සිය පෙත්සමෙන් චෝදනා කරති.පෙත්සම් කරුවන් පළාත් වාසීන්ට හිරිහැර වන පරිදි බෙර ගසමින් අධික ශබ්ද නගා යාඥා කිරීම හේතුවෙන් පොලීසියට එම පියවර ගන්නට සිදුවූ බව විත්තිකරුවන් නියෝජනය කළ නීතිඥවරු කියා සිටියහ.නඩු විභාගය ජුලි මාසය දක්වා කල් තැබිණ.

Gossip Lanka Hot News Previous News Archive