එංගලන්ත - ඉන්දියා අවසන් ගැටුම හෙට - icc champions trophy final

ශූරයන්ගෙත් ශූරයන් සොයන අවසන් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ මහ ගැටුqම හෙට (23 දා) ඉන්දියාව සහ සත්කාරක එංගලන්තය අතර බර්මින්හැම්හිදී පැවැත්වේ. දිවා තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

හත්වැනි වරටත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් පවත්වනු ලබන චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය මෙවර පවත්වනුයේ අවසන් වරට වන අතර එහි ශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක්‌ද අනුශූරතාව දිනා ගන්නා කණ්‌ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක්‌ද පිරිනැමේ.

එංගලන්තය චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියක අවසන් මහ තරගයට පිවිසි දෙවැනි අවස්‌ථාව මෙය වන අතර මීට පෙර 2004 දී අවසන් මහා තරගයට පැමිණියද එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම හමුවේ අනුශූරයන් බවට පත්විය. ඉන්දියාව අදාළ තරගාවලියේ අවසන් මහ ගැටුමට පිවිසි දෙවැනි අවස්‌ථාව මෙය වන අතර මීට පෙර 2002 දී ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගයේදී වර්ෂාව හේතුවෙන් සම ශූරයන් බවට පත්විය.

ලොව එක්‌දින පිටියේ සුපිරිම කණ්‌ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේ ඉන්දියාව zබීZ කාණ්‌ඩයෙන් තරග වදිමින් අපරාජිතව අවසන් මහ තරගයට පිවිසි අතර ඔවුන් සහභාගි වූ පුහුණු තරගද ජය ගනිමින් ආරම්භයේ සිටම ශක්‌තිමත්ම අවසන් මහ ගැටුමට පිවිස සිටියි. සත්කාරක එංගලන්තය zඒZ කාණ්‌ඩයෙන් අවසන් මහ තරගයට පිවිසි අතර එහිදී ශ්‍රී ලංකාව හමුවේ පළමු වටයේදී පරාජය වුවද අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හතක ජයක්‌ ලබමින් අවසන් මහ තරග අවස්‌ථාව දිනා ගැනීමට සමත්විය.

ඉන්දියානු පිතිකරු බලඇණියේ ප්‍රධාන තුරුම්පුවක්‌ බවට පත්ව ඇති නවක ආරම්භක පිතිකරු ෂිකාර් දවාන් මෙවර තරගාවලියේ ශතක දෙකක්‌ සහ අර්ධ ශතකයක්‌ සමගින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර අවසන් මහ තරගයේදී ඔහු දක්‌වන දක්‍ෂතාව මත තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. විරාත් කෝලි මෙන්ම ඕනෑම වෙලාවක ලකුණු අතරට පිවිසෙන මහේන්ද්‍ර සිං දෝනිගේ කඩුල්ලද එංගලන්තයට හිසරදයක්‌ වනු ඇත.

එංගලන්ත නායක ඇලිස්‌ටයාර් කුක්‌ තරගාවලියේ ලකුණු අතරට පිවිස සිටින අතර නවක ක්‍රීඩක ජෝයි රොට්‌ද ඉන්දියානු පන්දු යවන්නන්ගේ ප්‍රධාන ඉලක්‌කය බවට පත්ව තිබේ. එංගලන්ත තණතීරුවල ස්‌වභාවය එංගලන්ත ක්‍රීඩකයන් මැනවින් අවබෝධ කර ගත්තද ඉන්දියානු නායකයා පවසන්නේ ඕනෑම තණතීරුවක තම කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේ ශක්‌තිය ඇති බවයි.

එංගලන්තය සහ ඉන්දියාව අන්තර් ජාතික එක්‌දින තරගයකදී මුණගැසෙන 87 වැනි අවස්‌ථාව මෙය වෙයි. එහිදී ඉන්දියාව තරග 46 ක්‌ද එංගලන්තය තරග 35 ක්‌ද ජය ගෙන ඇති අතර දෙපිළම ලකුණු සමවීමෙන් තරග දෙකක්‌ අවසන් වී තිබේ. අවසන් වරට දෙපිල මුණ ගැසුන අවස්‌ථා 10 න් අටක්‌ම ජය ගැනීමේ මානසික ශක්‌තිය ඉන්දියාව සතුව ඇති අතර 2011 ලෝක ශූරයන් ලෙස අභිෂේක ලැබූ ඉන්දියාවට හෙට පැවැත්වෙන අවසන් තරගය ජය ගතහොත් යළිත් වරක්‌ ලෝක ශූරතාවට පමණක්‌ දෙවැනි වන තරගාවලියක හිමිකරුවන් වීමට හැකියාව ලැබේ.

Gossip Lanka Hot News Previous News Archive