කම්සුව විඳින්නට බාධා කළාට මාමගේ රහසඟ හපලා !

පිළිමතලාව ඉඹුල්මල්ගම ප්‍රදේශයේදී රාත්‍රියේ නිවෙසකට ඇතුළු වූ තරුණයකු එහි සිටි තරුණියගේ පියාගේ පුරුෂ ලිංගය සපා කා පලාගොස් ඇත.

එම නිවෙසේ සිටි තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇතැයි කියන සිද්ධියක් මත මෙම තරුණයා රාත්‍රියේ ඇය හමුවීමට ගොස් නැවත නිවෙසින් එළියට පැමිණීමේදී තරුණියගේ පියාගේ අතටම හසුවී ඇත.පසුව දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකදී තරුණයා වයෝවෘද්ධ පියාව තල්ලු කරනවාත් සමඟ ඔහු බිම වැටී ඇත.බිම ඇද වැටීමෙන් පසුව ඔහුගේ රහසඟ තරුණයා විසින් සපා කා ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම අකරතැබ්බයට ගොදුරු වූ 83 හැවිරිදි මහල්ලා රෝහල් ගතකර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ අරඹා ඇත.සිද්ධිය පිළිබඳව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති නිමල් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගතරත්න, පොලිස් සැරයන් බාලසූරිය (19321), ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Gossip Lanka Hot News Previous News Archive