ලංකාවෙ පාතාලයෙක් ඉතාලියේදී කොටුවෙයි

අධිකරණයෙන් වරෙන්තුකරුවකුව සිටි ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් නැමැත්තා ඉතාලියේ මිලාන් නගරයට ආසන්න පොලිසියක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත්කර තිබුණේ බලපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළුව ත්‍රිත්ව ඝාතනයක් සිදු කිරීම නිසාය.ඔහු ඉතාලි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවය.

පසුව ඔහුට ඉන්ටර්පෝල් වරෙන්තුවක් තිබූ බව හෙළිවී තිබේ.සැකකරු අපරාධ කිහිපයකට අවශ්‍ය කළ අයෙක් බවත් ඔහු ඉතාලියට පැනගොස් එහි උකස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවද පැවසේ.





Gossip Lanka Hot News Previous News Archive