විවාහය ගැන ඉදිරියේදී දැනගන්න ලැබේවි. - Tharushi Perera

රංගන ක්‍ෂේත්‍රයේ අතිශය කාර්යබහුල නිළියක නොවුණත්, ඉඳහිට රඟපාන චරිතයකින් වැඩි කාලයක්‌ ප්‍රේක්‍ෂකයන්ගේ මතකයේ රැඳෙන්නට තරම් හපන්කමක්‌ ඇති ඇය තරුෂි පෙරේරා නම් වන්නීය. රංගනයත්, රූපලාවන්‍ය කටයුතුත් සමඟ ජීවිතය සතුටින් පවත්වාගෙන යන්නට ඇය නිරතුරුව වෙහෙස දරන ඇයගේ නවතම තොරතුරු දැන ගන්නට අපි ඔබ වෙනුවෙන් ඇය හමුවන්නට ගියෙමු. සුපුරුදු සුහදශීලී සිනහවකින් විසින් ඇය පිළිගනු ලැබවේ සැබැවින්ම ඇයගේ ප්‍රේක්‍ෂකයන් කෙරෙහි ඇය දක්‌වන්නා වූ ආදරය නිසා මය.

*ඉතින් කොහොමද තරුෂි
"හොඳයි"

*විවේකයෙන් වගේ...?
ලොකු අවිවේකයක්‌ නැහැ.

*අලුත්ම වැඩේ මොකක්‌ද?
ශිවගුරුනාදන් මහතාගේ මුතු පළස ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒකේ රඟපෑම් මේ දිනවල සිදු වෙනවා.

*වෙන මුකුත් නැද්ද?
තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.


*ඒ ඇරයුම් භාර ගන්නේ නැද්ද?
ඔක්‌කොම නෙවෙයි. තෝරලා බේරලා එකක්‌ දෙකක්‌ භාර ගන්නවා.

*ඇයි එකක්‌ දෙකක්‌ භාර ගන්නේ?
මම කාර්යබහුල වෙන්න කැමති නැහැ.

*ඒ ඇයි?
ඒක මගේ ප්‍රතිපත්තියක්‌.

*එච්චරද?
නැහැ වැඩිය කාර්ය බහුල වුණාම නිදහස නැති වෙනවා.

*නිදහස වගේ ද සල්ලි?
සල්ලි ඕනේ තමයි. නිදහසක්‌ නැතුව සල්ලි හම්බ කරලා ජීවිතයේ විඳින්න දෙයක්‌ ඉතිරි වෙන්නේ නැහැ.

*දැන් ඔබ ජීවිතය විඳිනවාද?
අපොයි ඔව්. මම සතුටින් ඉන්නවා.

*එතකොට ඔබට ජනප්‍රිය වෙන්න ඕනේ නැද්ද?
මම දැනටමත් යම් තරමකට ජනප්‍රියයි කියා මට හිතෙනවා.

*ඒ ඇතිද?
නිකං ජනප්‍රිය නිළියක්‌ වෙලා වැඩක්‌ නැහැනේ.

*එහෙනම්?
හොඳ නිර්මාණවලට දායක වීමෙන් ජනප්‍රිය වීම තමයි වටින්නේ.

*නිර්මාණ ගොඩක සිටීමෙනුත් ජනප්‍රිය වෙනවා නේද?
නිර්මාණ අතර නිතර සිටි පලියට ජනප්‍රිය වෙන්නේ නැහැ.

*කොහොමද ජනප්‍රිය වෙන්නේ?
ප්‍රේක්‍ෂකයන් අතරට යන්න පුළුවන් චරිතයක්‌ හරහා එම චරිතයට සාධාරණය ඉටු කළ යුතුයි.

*ඒ කියන්නේ ඔබ ජනප්‍රියත්වය පසුපස යන්නේ නැද්ද?
කොහෙත්ම නැහැ. ලැබෙන විදිහට බාර ගන්නවා.

*ඔබ රංගනයට වඩා රූපලාවන්‍යයට මුල් තැන දීලා නේද?
ඔව් ඒක මගේ ව්‍යාපාරයයි. රඟපෑම මගේ විනෝදාංශයයි. රූපලාවන්‍යාගාරයේ කටයුතුවලට බාධාවක්‌ නොවන විදිහට රංගන කටයුතු කරනවා.

*කාලෙන් කාලෙට රූපලාවන්‍යාගාරය තැනින් තැනට ගෙනියන්නේ ඇයි?
ඒ ඒ කාලෙට උචිත තැන් බලලා ව්‍යාපාරය මෙහෙයවනවා.

*නාවින්නේ අලුත් තැනකට රූපලාවන්‍යාගාරය අරගෙන ගියා නේද?
නාවින්න ආර්පිකෝ ආයතනය ඇතුලේ මගේ රූපලාවන්‍යාගාරයක්‌ පවත්වාගෙන යන්න අවස්‌ථාවක්‌ මට උදා වුණා. දැන් එය විවෘත කරලා පවත්වාගෙන යනවා. බොහෝ අය එතැනට එනවා.

*ගායිකාවක්‌ හැටියටත් ඔබ ක්‍ෂේත්‍රයේ ජනප්‍රියයි නේද?
ජනප්‍රියත්වය කෙසේ වෙතත් මම ගීත ගායනා කරනවා. බොහෝ ප්‍රතිචාරත් ලැබෙනවා.

*කවදාද විවාහ වෙන්නේ?
ඒ ගැන ඉදිරියේදී දැනගන්න ලැබේවි.

*මොනවද ඉදිරි බලාපොරොත්තු
ප්‍රධානතම බලාපොරොත්තුව රූපලාවන්‍යාගාරයේ කටයුතු තව තවත් දියුණු කර ගැනීමයි. ඊට අමතරව කලා ක්‍ෂේත්‍රයට සාධාරණය ඉටු කරන්න ලැබෙන චරිත හා අවස්‌ථා ඔස්‌සේ මම බලාපොරොත්තු වෙනවා.

ලක්‌මිණි අතුකෝරළ
ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
තරුෂි ගේ නවතම රුපලාවන්‍යා ගාරය 17වන දින සුබ මොහොතින් නාවින්න ආර්පිකෝ මධ්‍යස්ථානයේදී ආරම්භවූයේ කලාකරුවන් ගේ සහ සුමේධ නම් ඇගේ පෙම්වතාගේද සහභාගීත්වයෙණි.









Gossip Lanka Hot News Previous News Archive