ගුරුවරියක දණ ගැස්වු මන්ත්‍රී පොල්ගසයි - Teacher ‘kneeler’ granted bail

ගුරුවරියක දණ ගැස්වු බවට චෝදනා ලැබීමෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඊයේ (27) ඇප මත මුදා හැරුණු වයඹ පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා, පසුව ආනමඩුව අයියනායක දේවාලය වෙත ගොස් පොල් ගසා කන්නලව්වක් කළේය.

සිය නිර්දෝෂිභාවය රටට පෙන්වා දෙන්නැයිඔහු දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.ඇතැම් පිරිස් තමන් සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටිය ද සත්‍ය දන්නා සියලූ දෙනා තමන්ට සහය දක්වන බවද කියා සිටි ආනන්ද සරත් කුමාර හිටපු මන්ත‍්‍රීවරයා, එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් අමතමින් මෙසේද කියා සිටියේය.

'' මේ වෙලාවේ මාධ්‍ය පිළිබඳවත් කනගාටු වෙනවා. නොකරපු සිද්ධියක් පිළිබඳව මේ ආකාරයෙන් ප්‍රචාරය ලබාදීම ගැන දුකයි. සිද්ධිය වෙන වෙලාවේ නියෝජ්‍ය විදුහල්පතිවරු දෙපළක්, ආචාර්ය මණ්ඩලයේ හතර දෙනෙක් මුරකරුවෙක් ගුරුවරියක් මේ සියලු දෙනාම කියනවා මම වාහනයෙන් බැස්සේ නෑ කියලා. මම මැතිවරණ 5කට මුහුණ දුන්නා. ආණමඩුව ආසනයේ ජනතාව මා සමඟ ඉන්නවා. මම අවුරුදු 22ක් තිස්සේ හදා ගත්ත ආත්ම ගෞරවය නැති වුණා.


මම සදාචාරසම්පන්න මිනිහෙක් අරක්කු බොන්නෑ. මස් මාළු කන්නේ නෑ. මම පාසලට පණ වගේ ආදරේ කළා. ඒ නිසා තමයි මගෙ දරුවො තුන් දෙනාම මේ පාසලට එව්වේ. මෙම ගුරුවරිය දණ ගැස්සවූ බවට ඔප්පු කළොත් මම මන්ත්‍රී ධුරයෙන්ම මෙන්ම දේශපාලනයෙන්ම ඉවත් වෙනවා. මෙවැනි දෙයක් මම කළේ නෑ. මාව අපහසුතාවට පත් කරන්න මට විරුද්ධ අය කළ කුමන්ත්‍රණයක්.'' යයි ඔහු පැවසිය.

කෙසේවෙතත් ආනන්ද සරත් කුමාර හිටපු මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකළ අකාරය ගුරු සංගම්වල අප‍්‍රසාදයට හේතුවී ඇත.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ, ඔහු ඇප මත මුදා හැරුණේ පොලිසියේ වැරදි කරුණු දැක්වීමක් නිසා අධිකරණය නොමග යාමෙන් බවයි.

Gossip Lanka Hot News Previous News Archive