රත්රන් පවුමක මිල රු.44,000කට බසී

අන්තර්ජාතික වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් අඩුවේගෙන යන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. අධිකාරියේ උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ මහතා සඳහන් කළේ කැරට් 24 රත්රන් පවුම් සඳහා පනවා ඇති බද්දත් සමඟ රුපියල් 44,000 දක්වා ඊයේ වන විට පහළ බැස ඇති බවයි.

මෑතදී රත්රන් සඳහා පනවන ලද සියයට පනහ බද්දත් සියයට 5ක අධිභාරයත් නොතිබිණි නම් එම මිල තවත් පහත බසින බවද ඔහු පැවැසීය.

අන්තර්ජාතික වෙළෙඳපොළේ රත්රන් ඉල්ලුම අඩුවීම රන් මිල පහත බැසීමට එක් හේතුවක් විය හැකි බවට විශ්වාස කරන බවද එදිරිසිංහ මහතා කීවේය.විශේෂයෙන් ඉන්දියාව, චීනය, වියට්නාමය වැනි රටවල් වැඩිපුර රන් මිලදී ගෙන සංචිත හැදීම එයට බලපා ඇති බවද සිරිචන්ද්‍ර මහතා සඳහන් කෙළේය.

Gossip Lanka Hot News Previous News Archive