දහතුන් හැවිරිදි දැරිය වරින්වර දූෂණය වෙලා !

වයස අවුරුදු 13 යි මාස 4ක් වූ බාල වයස්කාර දැරියක් ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගම, ආඩිඅම්බලම සහ කැකිරාව මානෑව ප්‍රදේශවලදී පස්දෙනකු විසින් බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගලෙන්බිඳුණුවැව මෛත්‍රිගමදී මවුපියන්ගේ රැකවරණයේ සිටියදී ප්‍රථමයෙන්ම පියා විසින් අවුරුදු 12දී අපයෝජනය කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි. මේ හේතු පදනම් කරගෙනම දෙදෙනා දික්කසාද වී වෙනත් විවාහ සිදුකරගෙන තිබේ. ඉන්පසුව අම්මාගේ දෙවැනි විවාහයේ නවාතැන වූ ආ¾ඩිඅම්බලම ප්‍රදේශයේ බෝඩිමක් තෝරාගෙන දැරියත් සමඟ ජීවත් වී ඇති අතර එහිදී වරින් වර අනියම් සැමියාගේ අතවරයටද මෙම දැරිය ලක්ව ඇත.

මව මෙම බාලවයස්කාර ලිංගික අපයෝජනය වසන්කර ගැනීමට දැරියව ඇගේ ලොකු අම්මා ජීවත්වන කැකිරාව මානෑව ප්‍රදේශයට ගෙනවිත් භාරදී තිබේ. ලොකු අම්මාගේ අයියලා දෙදෙනාගෙන් එක් අයකු වයස 24ක් වන විවාහක එක්දරු පියෙකි. අනෙක් අයියා 20 වැනි වියේ පසුවන්නෙකි. ගෙදර වැඩිහිටියන් නැති වෙලාවේ ඔවුන්ද මෙම බාලවයස්කාර දැරියව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.


මානෑව ප්‍රදේශයේ පුද්ගලයන්ට සැක සිතී කැකිරාව පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යාංශය ලොකු අම්මාගේ දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඊයේ කැකිරාව දිසා මහෙස්ත්‍රාත් එල්. දර්ශන ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29දා දක්වා රක්‍ෂිතයට යවා තිබේ. වැඩිදුර පරීක්‍ෂණ කැකිරාව පොලිසිය සිදුකරයි.

Gossip Lanka Hot News Previous News Archive