කේට් කුමරියට ලැබෙන කුළුඳුල් දරුවාට ඔට්ටු අල්ලති

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුට සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය කැතරීන් කුමරියට ලැබෙන කුළුඳුල් දරුවා දුවෙක් ද පුතෙක් ද යන්න පිළිබඳව ලෝ පුරා ඔට්ටු ඇල්ලීමට පටන්ගෙන ඇත. මේ රහස දැනට බැකිංහම් මාළිගයෙන් පිටත කිසිවකුත් නොදනී.වසර 2011 රාජකිය යුවළගේ විවාහ මංගල්‍ය සම්බන්ධයෙන් සිදුකළ ඔට්ටු ඇල්ලීම් පවා මේ අවස්ථාවේදි ඉක්ම වනු ඇතැයි විශ්වාස කෙරේ. රාජකිය බිලිදාගේ බර , කෙස්වල වර්ණය මෙන්ම කැතරින් කුමරිය සිසේරියන් සැත්කමකට භාජනය වනු ඇත්ද නැද්ද යන්න පිළිබඳව පවා ඔටුටු අල්ලා තිබේ.

වැඩිම ඔට්ටු මුදල අල්ලා ඇත්තේ රාජකීය බිලිදාගේ නම සම්බන්ධයෙනි. ගැහැනු දරුවන්ගේ නම් අතර ඇලෙක්සැන්ඩ්‍රියා ,චාලට්, එළිසබත් ,ඩයනා සහ වික්ටෝරයා මුල් තැනට පත්වී ඇත. මේ අතර පිරිමි දරුන්ගේ නම් අතර මුල් තැන ගෙන ඇත්තේ ජෝර්ජ් ,ජේම්ස් සහ ලුවිස්ය.

ඇලෙක්සැන්ඩ්‍රියා යන නම දෙවන එළිසබත් රැජනගේ දෙවන නම වන අතර, චාලට් යන නම කැතරින් කුමරි‍යගේ සහෝදරිය වූ පිපා මිඩල්ටන්ගේ දෙවන නමයි. රාජකීය බිලිදාගේ උපත ජූලි 13 දින නියමිතව ඇතත් එය ජූලි මුල් සතියේ දි සිදුවනු ඇතැයි වැඩිදෙනෙක් විශ්වාස කරති. මෙම ඔටුටු ඇල්ලීම්වලින් රාජකීය මංගල්‍ය වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමෙන් ලැබුණ පවුම් 3000ට වඩා 30 % කින් පමණ වැඩි මුදලක් උපයා ගත හැකි වනු ඇතැයි අපේක්ෂිතය.

Gossip Lanka Hot News Previous News Archive