ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් ගුවන් යානයකදී බීමතින් යකා නටයි

මත්පැන් පානය කර සිටි බව කියන ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු අඩි 35,000ක් පමණ ඉහළ අහසේදී වැසිකිළියේ දොර යැයි සිතා ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සහා කර ඇතැයි වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකින් පසු කොදෙව් ශාන්තලුසියා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළ බලා ලාංකික ක්‍රීඩකයින්ද රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ ඊයේ (01) මෙය සිදුවී ඇත.එම ක්‍රිකට් ක්‍රීඩකයා ගුවන් යානයේ දොර වැරෙන් ඇද විවෘත කිරීමට විනාඩි 2ක පමණ කාලයක් උත්සහා දරා ඇති අතර මෙය දුටු ගුවන් යානයේ සිටි සෙසු මගීන් කලබලයට පත්ව ඇතැයි පැවසේ.සෙසු ක්‍රීඩකයින් කෑ ගසා එය නතර කිරීමට ද උත්සහා දරා ඇතැයි වාර්තා වේ.

ලාංකික ක්‍රීඩකයින් ගුවන් යානයට ගොඩවීමට පැය 4ට පෙර මත් පැන් පානය කර ඇති බව ද අනාවරණය වී ඇත.කෙසේ හෝ ගුවන් යානයේ සේවකයින් වහා එම ස්ථානයට පැමිණ එම ක්‍රීඩකයාව සන්සුන් කිරීමට සමත්ව තිබේ.ලාංකීය අනන්‍යතාව සහිත ඇඳුම් පැළඳ ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායමක් ගුවන් යානයේ සිටි බව එහි සිටි මගියෙකු අනාවරණය කර ඇත.බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන එහි මගීන් 229 දෙනෙකු සිටි බවද පැවසෙයි.

බීමතින් සිටි ක්‍රීඩකයා වැසිකිළියට යාමේ අවශ්‍යතාවයෙන් ගුවන් යානයේ දොර විවෘත කිරීමට තැත් කර ඇති බවත් ඔහු ඇල්කොහොල් පානය කර ඇති බව හෙළි වී ඇති බවත් ඔහු‍ගේ නම සඳහන් කිරීමට නොහැකි බවද එම බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ නිලධාරියෙකු පවසා තිබේ.

මෙම ක්‍රීඩකයා රමිත රඹුක්වැල්ල බව අපවෙත වර්තා වේ.

බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන ආකාරයට මෙම ක්‍රීඩකයා විනාඩි දෙකක් පමණ දොර ඉදිරියට හා පසුපසට තල්ලු කරමින් එය විවෘත කිරීමට දැඩි උත්සාහයක යෙදී ඇත.


මෙම සිදුවීම නිසා බියට පත්වූ 26 හැවිරිදි චාලීන් ෆ්රැන්සිස් නැමැති මගියෙකු බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පවසා තිබුනේ මෙවැන්නකි.

' ඒක හරිම බියජනකයි. ඔහු එකවරම පැමිණ කිහිපවරක්ම දොර අරින්න උත්සහ කලා. මෙය විනාඩි කිහිපයක් යනතුරු එලෙසම පැවතුනා. ඔහු ඉතා වැර යොදමින් අදිමිනුයි හිටියෙ.'

'ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ඔහුට නවත්වන්න කියල ඉල්ලීම් කලා.කෙනෙක් කිව්වා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක් පමණ මත්පැන් පානය කලා කියලා.'

'ගුවන් සේවිකාවන් දුවගෙන ඇවිත් ඔහුව පාලනය කරන්න උත්සාහ කළා. එක හරිම බියජනකයි.ඔහු ඉතාමත් බීමත් හෝ තෝන්තු ගතියකින් තමයි හිටියෙ'.

ෆ්රැන්සිස් මහත්මිය තවදුරටත් පැවසුවේ අදාල සිදුවීම යානය ගුවන්ගත කර පැය 6කින් සිදුවූ බවත්, ඔහු සිය දේශයේ නම කහ පැහැ අකුරුවලින් මුද්‍රිත නිල් පැහැ පෝලෝ ෂර්ට් හැඳ සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිටි බවයි.
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවුවත් මෙම හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුළින් අයහපත් ප්‍රචාරයක් දැනටමත් පැතිරී ඇත.

සිද්ධිය වාර්තා කළ ලන්ඩනයේ ඩේලිමේල් වෙබ් අඩවි යොමුව
*LANKAN CRICKETER TRIES TO OPEN PLANE DOOR AT 35,000FT

Gossip Lanka Hot News Previous News Archive