දුරකතන ටැප් කරන උපකරණ ගෙන්වලා

දුරකතනය විටින් විට ආලෝකවත් වෙනවාද ?

දුරකතන සංවාදයකදී බීප් හඬ එනවාද ?

ජංගම දුරකතන වලින් සහ කාර්යාල සහ නිවාසවල දුරකතන වලින් කෙරෙන සංවාද වලට සවන්දීමේ උපකරණ පරිගණක උපාංග මුවාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි හෙළිව තිබෙන බව වාර්තා වේ.ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන්ගේ දුරකතන වලට විදේශ බුද්ධි සේවාවන් පිටින් සවන් දෙන බවට වාර්තා වීමත් සමගම මෙම උපාංග මෙරට ඇති බව අනාවරණය වී ඇතැයි “දිවයින“ පුවත් පත වාර්තා කර තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ රෝවින් බග් නමැති තාක්‍ෂණික ක්‍රමවේදය මත දුරකතන වලට සවන් දීමේ ක්‍රම වෙනත් රට වල ක්‍රියාත්මක කිරීම සඳහා වුවද රටකට බුද්ධි සේවා විදේශ විමර්ශන පනත යටතේ අනුමැතිය ලැබී ඇති බවයි.ජංගම දුරකතනය භාවිත නොකරන අවස්‌ථාවක බැටරිය උණුසුම් වීම සහ දුරකතනය විටින් විට ආලෝකවත්වීම සහ දුරකතන සංවාදයකදී බීප් යන හඬ මතුවීම යන කරුණුවලින් එකී දුරකතනයට සවන්දෙන බව සනාථ වන්නේ යැයි බුද්ධි අංශ ආරංචි මාර්ග මෙහිදී අනාවරණය කර තිබේ.

මෙලෙස දුරකතන වලට සවන්දීමේ උපාංග ක්‍රියාත්මක කළ හැකි විදෙස්‌ පුහුණුව ලත් තාක්‍ෂණික ශිල්පීන් පිරිසක්‌ද මෙරට සිටින බවටද වාර්තා වී ඇතැයි සඳහන්ය.

Gossip Lanka Hot News Previous News Archive