අයියා වැරැදි කාරයෙක් නම් මම ඒ පැත්තවත් බලන්නේ නෑ - Damitha abeyratne

 "මගේ අයියාගේ ව්‍යාපාරය බංකොළොත් වුණා"
දමිතා අබේරත්න දැන් පුවත් මවන්නියක් වෙලා... පසුගිය සතියෙත් අෑ ගැන පුවතක් මාධ්‍යයේ පැතිරුණා. කතාවේ ඇත්ත නැත්ත වගේම මේ පලහිලව්වට දමිතාගේ සම්බන්ධය මොකක්ද කියලා දැන ගන්න අපි ඇයට කතාකළා.

• දමිතාට මේ කාලේ අපලයි වගේ.....?
මං හිතන්නේ ලොකු අපලයක් ගෙවෙනවා. ඒත් මොන අපලයට වුණත් මාව වට්ටන්න නම් බෑ.....

• මොකක්ද මේ ළඟදීම දාගත්ත ලෙඩේ.....?
ඒක මම දාගත්ත ලෙඩක් නෙමෙයි. කිසිම අදාළත්වයක් නැතුව අහක ඉන්න මාව ලෙඩකට පටලන්න ගත්ත උත්සාහයක්.

• ඇත්තටම දමිතා, හරිත වසන්ත ව්‍යාපෘතියට සම්බන්ධ නැද්ද?
කිසිම සම්බන්ධයක් නෑ.... ඒ ව්‍යාපාරය මගේ අයියායි, ඉන්දික හේවාවසම් කියන පුද්ගලයායි එක්ව ආරම්භ කළ ව්‍යාපෘතියක්. මම ඒ ආයතනයේ කොටස්කාරියක්වත්, වෙනත් වරප්‍රසාද ලබන කෙනෙක්වත් නෙවෙයි. කෙටියෙන්ම කිව්වොත් මම ඒ ව්‍යාපාරයට කිසිම සම්බන්ධයක් නෑ.

• එහෙනම් මේ පලහිලව්වට ඔබේ නම අෑඳුණේ කොහොමද?
ආයතනය ආරම්භ කරද්දි අයියාත් එයාගේ බිස්නස් පාට්නත් ආයතනයේ දැන්වීම්වලට පාවිච්චි කරන්න මගේ ඡායාරූපයක් ඉල්ලුවා... ව්‍යාපාරයට අයියත් සම්බන්ධ නිසා මම ඒකට කැමැත්ත දුන්නා... හැබැයි ඒ වෙනුවෙන් කිසිම මුදලක් ගත්තේ නෑ.... දැන්වීම් භාරව වැඩකරලා තියෙන්නේ අයියා නෙවෙයි ඉන්දික. එයා මගේ පින්තූරෙ පාවිච්චි කරලා දැන්වීම් දාලා තියෙන්නේ මම ඒ ආයතනයෙන් ඉඩමක් මිලදී ගත්ත විදියට. මුලදී මම ඒ දැන්වීම් දැක්කෙ නෑ.... ඒත් මම දැක්කට පස්සේ ආයෙමත් මගේ පින්තූර පාවිච්චි කරන්න එපා කියලා කට වචනයට විතරක් නෙවෙයි 2011.06.21 ලිඛිතවම දැනුම් දුන්නා.... 2011.06.30 වැනිදා එයාලා කරපු උදව්වට ස්තුති කරලා වගේම ආයෙමත් මගේ පින්තූර පාවිච්චි කරන්නේ නෑ කියලා ලිඛිතවම දැනුම් දුන්නා... ඒ වගේම ඊට පස්සේ මගේ පින්තූර පාවිච්චි කළේ නෑ.... 

ඔය දැන්වීමට මම පෙනී හිටියා කියන පදනම මත තමයි මම මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා චෝදනා කළේ. අනිත් එක මේ සිද්ධියට මේ තරම් ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ සංජය අබේරත්න කියන්නේ දමිතා අබේරත්නගේ සහෝදරයා නිසා..... අන්තිමට ලක්‍ෂ 9ක වැඩේට කෝටි 9ක ප්‍රසිද්ධියක් ලැබුණා. එහෙම නැතුව ඕක සාමාන්‍ය කෙනෙක්ට වුණානම් කිසි කෙනෙක් දන්නේ නෑ.... අනිත් එක නීති ගරුකව නීතියට වැඩකරන්න ගිය නිසයි අයියටත් ඔය අපකීර්තිය ලැබුණේ..... ගනුදෙනුකරුවන්ගෙන් සල්ලි වංචා කරලා අනිත් බිස්නස් පාට්නර් වගේ මගේ අයියත් හැංගුණා නම් මේ කිසි දෙයක් නෑ. ඒත් මගේ අයියා එහෙම කෙනෙක් නෙවෙයි. එයා බොහොම සාධාරණ කෙනෙක්.

• ඔබ සහෝදරයාව සුද්ද කරන්නද ඔය උත්සාහ කරන්නේ....?
මගේ සහෝදරයා වුණත් වැරැද්දක් කළා නම් මම පැත්තවත් බලන්නේ නෑ.... එයා නිර්දෝෂී නිසයි මම මේ බය නැතුව කතා කරන්නේ. මගේ අයියාගේ ව්‍යාපාරය බංකොළොත් වුණා. කෙටියෙන්ම කිව්වොත් මේ ව්‍යාපාරය නිසා මගේ අයියා මුළු ජීවිත කාලෙම හම්බකරපු හැම සතයක් වගේම ඉන්න හිටින්න තැනුත් නැති වුණා. එහෙම වුණේ එයාගෙ බිස්නස් පාට්නර් නිසා. ඒත් එයාලගෙ පාරිභෝගිකයන් අපහසුතාවට පත්කරන්නේ නැතුව මගේ අයියා එයාට කරන්න පුළුවන් උපරිම සාධාරණය ඉෂ්ට කළා. අනෙක් ගනුදෙනුකරුවන් සියලු දෙනාම එයාට එකඟ වුණා. එක මහත්තයෙක් විතරයි ඒ දේවලට අකමැති වුණේ. අයියා එදා උසාවියට ගියෙත් ඒ මහත්මයාට සාධාරණයක් කරලා ඔප්පු භාර දෙන්න. එවලෙහිම තමයි අයියාව රිමාන්ඩ් කළේ...

• අයියා වෙනුවෙන් ඔබ මොනවද කළේ.....?
මම මට කරන්න පුළුවන් හැමදේම කරනවා..... ඒ මගේ අයියා අහිංසකයෙක් නිසා මේ වෙනකොට නම් අයියාට ඇප ලැබිලා තියෙන්නේ....

• ඔබෙයි සේමිණිගෙයි නඩුවට මොකද වුණේ.....?
පසුගිය දෙවැනිදා මම උසාවි ගියා..... සේමිණි ආවේ නෑ..... ඒත් දවල්වනතුරුම නඩුව විභාගයට ගත්තේ නැති නිසා මම ආපසු ආවා... මගේ නීතිඥයන් මං වෙනුවෙන් පෙනී හිටියා. ආපහු ඔක්තෝබර් 29 වගඋත්තර බඳින්න උසාවි යන්න ඕනෑ....

• උසාවි නොගිහින් ඔය ප්‍රශ්නේ ගොඩින් බේරා ගත්ත නම් හොඳයි කියලා දැන් හිතෙන්නේ නැද්ද?
ඔය ප්‍රශ්නේ උසාවි යන්නෙ නැතුව නිරාකරණය කරගන්න මම කැමැති වුණා... ඒත් ඒ ශිල්පිනියට ඕනෑ වුණානේ මාව උසාවි එක්ක ගිහින් මට පාඩමක් උගන්වන්න. දැන් මමත් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නේ නැහැ. මම විශ්වාස කරන දෙයක් තියෙනවා..... ඒ තමයි හැම දඬුවමකට, හැම නීතියකටම, වඩා සොබා දහමෙන් දෙන දඬුවම හරි භයානකයි...... ඒ වගේම මම බෞද්ධ දර්ශනයට අනුව ජීවත්වන කෙනෙක්. ඒ නිසා මට වරදින්නේ නෑ කියලා මම දන්නවා.

• මේ තරම් ප්‍රශ්නවලින් ඔළුව පිරෙද්දි, රූගත කිරීම් වෙනුවෙන් මනස නිරවුල් කරගෙන කාර්යබහුල වෙන්නේ කොහොමද?
දෙවියෝ නරක ටිකක් දෙද්දි එක හොඳකුත් දෙනවා..... මේ දවස්වල මම නිර්මාණ හතරක වැඩ කරනවා.... රැකියාවෙන් මම අතිශය කාර්ය බහුලයි. කෙටියෙන්ම වෙච්ච දේවල් ගැන සිත සිත දැවි දැවී ඉන්න වෙලාවක් නැහැ..... චරිතයකට ආරෝපණය වුණහම මට අනිත් හැමදේම අමතකයි මම ඉන්නේ ඒ චරිතෙ නිසා..... ඒ වගේම නව නිර්මාණ බොහොමයකට කතා කරනවා..... ඒත් මට දින දෙන්න වෙලාවක් නෑ.....

• ඒ කියන්නේ දමිතාට තාමත් වටිනාකමක් තියෙනවා.....?
ඒ නිසා නේද එදා ඉඳන් අද දක්වාම මම එක වගේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ.....

• කොහොමද ඔය වටිනාකම එක විදියට රඳවා ගන්නේ.....?
මම මහපොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. මට හොඳට මුල මතකයි. මම අවුරුදු 6දී ක්‍ෂේත්‍රයට එක් වුණේ.... අවුරුදු තිස් ගාණක් ක්‍ෂේත්‍රයේ ඉන්නවා.... ඒත් කිසිම කෙනෙක් දමිතා හරි අහංකාරයි, උඩින් යන්නේ.... කියන්නේ නෑ..... මොකද මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන මවාගත්ත ලෝකවල ජීවත් නොවන කෙනෙක් නිසා.

• ඇයි එහෙනම් කාලයක් ආශ්‍රය කරන යාළුවො එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ....?
මම කිසිම කෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නෑ..... ඔය කිසිම කෙනෙක් එක්ක මගේ තරහකුත් නෑ.... ටික කලක් යද්දි ඒ අයට මං ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා.... ඒකයි ඔය ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව.....

• මේ ප්‍රශ්න මැද ඔබ ඔබේ ජීවිතයේ මංගල කාරණයකටත් සූදානම් වෙනවා නේද?
ඔව්..... මේ ඔක්තෝබර්වල විවාහ වෙන්න හිටියේ...... ඒත් ඒ වෙනකොට මම භාර ගත්ත වැඩ ඉවර කරගන්න බැරිවෙයි වගේ. එහෙම වුණොත් දෙසැම්බර් ජනවාරි වෙනකන් ඉවසන්න වෙනවා.

• දවසින් දවස ඔබ විවාහය කල් දානවාට ඔබේ පෙම්වතා කැමැතිද?
එයාගෙන් කිසිම බලපෑමක් නෑ... විවාහ වුණ ගමන්ම වැඩ ගොඩක පැටලෙන්න මම කැමැති නෑ... අඩු තරමේ මාසයක්වත් නිවී සැනසිල්ලේ ඉන්න ඕනෑනේ.... ඒකයි භාරගත්ත වැඩ අවසන් කරන්න ඕනෑ කියන්නේ.

• පෙම්වතා තාම විදෙස් ගතවද ඉන්නේ....?
නෑ දැන් ලංකාවේ.... ඉඳලා හිටලා ගිහින් එනවා.....

• දැන්වත් නම ගම හෙළිකරමුද?
ඕනෑ නෑ නේද? තව ටික දවසක් ඉවසමු....

• සියල්ල සැලසුම් කරලා නම් ඇයි තවත් හංගන්නේ....?
මේ වෙන දේවල් දැක්කම නම් ගම් හෙළිකරලා කොහොමද?

• විවාහයෙන් පස්සෙත් රංගනයේ යෙදෙනවාද?
නැත්නම්... අවසන් හුස්ම පොද දක්වා රඟපානවා.....

• ඒවාට තහංචි වැටෙන්නේ නැතිවෙයිද?
අපෝ නැහැ. කිසිම තහංචියක් නෑ.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ

Gossip Lanka Hot News Previous News Archive