සංගීතය වෙනුවෙන් බිරියව වුණත් අතහරිනවා - Iraj Weeraratne

" ලංකාවේ ආර්ටිස්ලට කොන්දක් නෑ - ඉරාජ් "
• කොහොමද මේ දවස්වල අලුත් වැඩ?
හොඳයි මනමාලි එක හොඳට Play වෙනවා. 

'උස' කියන එක විෂුවල්වලට සහායක් වුණාද?
නෑ ඒක එච්චර දෙයක් නෙවෙයි

• ඔබ සම්බන්ධ වන ගීතවල වීඩියෝ එකටත් කොහොමහරි පනිනවා නේද?
ඒ ඉස්සර අපි ආපු දවස්වල ප්‍රවීණ අය එක්ක එළියට එන්න අමාරු නිසා තමයි එහෙම පෙනී සිටියේ. ඒ නමක් හදා ගන්න ඕනෙ නිසා. ඒත් දැන් ඒක අවශ්‍ය වෙන්නෙනෑ.

• පසුගිය කාලේ බොරුවට බැන්දනේ. කවද්ද ඇත්තටම බඳින්නේ?
තාමනම් දිනයක් නෑ. තව ටික දවසක් යයි.


• තමන්ගෙම කියලා කෙනෙක් ඉන්නවද?
තාම නෑ

• මනමාලි වීඩියෝ එකේ 'ඉරාජ් බැඳලා' කියලා ෆොටෝ එකක් දැම්මේ මාර්කට් වෙන්න නේද?
මම ඒ ෆොටෝ එක ෆේස්බුක් එකේ දැම්මම කට්ටිය කිව්වා මම බැඳලා කියලා. ඒකයි වුණේ.

• එහෙම කළේ සින්දුව අහලා ප්‍රසිද්ධ කරන්න කලින් වෙන දේකින් මාර්කට් කරන්න නේද?
හුඟ දෙනකුට ප්‍රශ්නයක් මාර්කට් කරන එක. ඔව් අපි මාර්කට් කරනවා තමයි. හැමදේම මාර්කට් වෙන්න හොඳයි. සංගීතය විතරක් විකුණන්න බෑ කියලා හැමෝම හිතන්නේ. ලංකාවේ අය හිතන්නේ සංගීතය ජොලියට අහන එකක් කියලා. TV රේඩියෝවල දැන්වීම්වලිනුත් සල්ලි හොයනවා. ඒත් සින්දුවලින් මුදල් හොයන්න අපිට තහනම්. හරිනම් අපි ගායනා කරන ගීත Play වෙද්දි අපිට මුදල් ලැබෙන්න ඕනේ. වෙන රටකනම් පත්තරේට මේ කරන ආර්ටිකල් 1 ටත් අපිට ගෙවනවා.

• ඔබ පොලිසිය වගේ සමාජ ප්‍රශ්න ගැන කතා කළා. ඒත් ඇයි හාස්‍යමය පදනමකින් ඒවා ලිව්වේ.
මේවා කතා කළ යුතු ප්‍රශ්න. ඒත් කවුරුත් කතා කරන්නෑනේ. ලංකාවේ ආර්ටිස්ලට කොන්දක් නෑ. 'ගේමක් දීලා' සින්දුවට හැමෝම බැන්න. ඒත් මේවා දේශපාලකයෝ එළිපිටම කරන දේවල්. කවුරුහරි මේවා කතා කරන්න ඕනෙනේ.

• ඔබටම වෙන්වූ ආදර කීයක් තියෙනවද?
මවුපිය ආදරය හා රසිකයන්ගේ ආදරය තියෙනවා

• ජීවිතයේ අහිමි වුණ ආදරයන් නැද්ද?
එහෙම වෙලා නෑ

• රසිකාවියෝ කී දෙනකුට බූට් තියලා තියෙනවද?
අපෝ නෑ. මං ඒවා කවදාවත් කරන්නෙ නෑ. මේ වගේ ප්‍රශ්න නිසා මං රසිකාවියෝ එක්ක කතා කරනවත් හරි අඩුයි.

• Music නිසා නැතිවුණ දේවල් තියෙනවද?
නැතිවුණ දේවල් නෑ. මේක හරිම දුක්බර ගමනක්. ගීත ප්‍රචාරය වුණත් කිසිම ආදායමක් නෑ

• කවදාම හරි ජීවිතයේදී බිරියව හා Music කියන 2න් 1ක් තෝරා ගන්න වුණොත් මොකක්ද තෝර ගන්නේ.
අනිවාර්යයෙන්ම Music. Music කියන්නේ මගේ ජීවිතය.

රජිත තාමර

Gossip Lanka Hot News Previous News Archive