අවුරුදු 123 ක මිනිසෙක්‌ හමුවේ

වර්ෂ 1890 දී උපන් පුද්ගලයෙක්‌ බොලිවියාවේ ජීවත්වෙයි. ඒ අනුව ඔහුගේ දැනට වයස අවුරුදු 123 ක්‌ වන අතර ලෝකයේ අද ජීවත්වන වයස්‌ගතම මිනිසා ඔහු බවට පිළිගැනේ. බොලිවියාවේ මහා වනාන්තරයක ජීවත්වන ඔහු නමින් කාමෙලෝ ලෝරාවේ.

නරි මස්‌ සහ උරුලෑවන්ගේ මස්‌ දිනපතාම පාහේ ආහාරයට ගැනීම තමා දිගු කල් ජීවත්වීමේ රහස බව මේ කිරිකිත්තා කියයි.මම සීනි කන්නේ නැහැ. පිටිකෑම කන්නේ නැහැ. මම කන්නේ කැලෑවෙන් සොයා ගන්නා දේවල් පමණයි. මම මගේ බිරියත් එක්‌ක එකතුවී අපේ කෑම සාදා ගන්නවා. මම හැමදාම හුඟාක්‌ දුර ඇවිදිනවා. මට ඒකට කිසිම කම්මැලිකමක්‌ නැහැ. වනාන්තරයේදී හමුවූ පිරිසකට ඔහු කියා තිබේ.

කටේ එක දතක්‌වත් නැති කිසිම අකුරක්‌ කියෑවීමට නොදත් මේ කිරිකිත්තා තවමත් ඇවිදින්නේ හැරමිටියක්‌ නැතිවය. එසේම ඔහු ඇස්‌ කණ්‌ණාඩි දමන්නේද නැත.

Gossip Lanka Hot News Previous News Archive