මහරගම ගොඩිගමුව ප්‍රදේශයේදී මෝටර් රථයකට යටවී දෙදෙනෙකු මරුට

රියේ රියදුරා පනී - අයිතිකරු අසුවේ
මහරගම - පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.මෙම මෝටර් රථය ටැක්සි සේවාවකට ලබා දී තිබූ එකක් බවත්, එම වාහනය නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවත් පොලිසිය කියයි. නිට්ටඹුවේ වාහනයේ අයිතිකරු අද (20) උදේ මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අයිනේ රැඳීසිටි පුද්ගයින් සිව් දෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.අනතුරෙන් මාර්ගය අසල නවතා තිබු යතුරු පැදියක්, ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයකට ද අලාභ හානී සිදුව තිබේ.

එහිදි තුවාල ලැබු පුද්ගලයින් සිව් දෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Two killed in Maharagama accident






Gossip Lanka Hot News Previous News Archive