ජංගම ගණිකා නිවාසයක් කළ හිටපු කොස්තාපල් වරද පිළිගනී

ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන යමින් තරුණියන් ගණිකා වෘත්තිය සඳහා මුදලට විකුණ­ූ බවට අධිකරණයේ දී වරද පිළිගත් ගල්කිස්ස පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට ගල්කිස්ස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංග විමලසේන මහතා රුපියල් පනස් දහසක දඩ මුදලක් ගෙවීමට නියෝග කළේය.

එන්.එස්. සෙල්ලහේවා නමැති හිටපු පොලිස් කොස්තාපල්වරයකුට මෙම දඩ මුදල නියම විය.
මෙම හිටපු කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයක් යොදාගනිමින් තරුණියන් ගණිකා වෘත්තියේ යොදවමින් සිටියදී ගල්කිස්ස පොලිසිය විසින් තරුණියන් තිදෙනකු සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

මීට පෙර නඩු දිනයේදී සැකකාරියන් ඇප මත මුදා හැර තිබූ අතර මෙම සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම 19 දිනට කල් තැබිණි. ඊයේ (19 දා) මෙම නඩුව ගල්කිස්ස අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රගීත් ගල්හේන මහතා කරුණු දක්වමින් සැකකරු රැකියාව අහිමිවී ඉතා අසරණ තත්ත්වයක පසුවන බැවින් ඔහුට ලිහිල් දඩයක් නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive