ශිෂ්‍යත්වයටත් මත්තල ගුවන් තොට ගැන අහලා

  දරුවන් ලිව්වේ 'යානා නැති තොට' කියලයි - සුනිල් හඳුන්නෙත්ති
පසුගියදා තිබුණු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ප්‍රශ්නයක් අහලා තියෙනවාලු ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මොකක්ද කියලා. මේ මත්තල කියලා උත්තරේ ගන්න හදන්නේ. මත්තල ගන්න බෑනේ. මත්තලට ගුවන් යානා එන්නේ නෑනේ. හම්බන්තොට පැත්තේ ළමයි නම් ඕකට උත්තර ලියන්නේම නෑ. ඒ ළමයි දන්නවනේ මේකට ගුවන්යානා එන්නේ නෑ කියලා.

ඔය ප්‍රශ්නය අහන්න ඕන ලංකාවට ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොළ මොකක්ද කියලා. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම ලියනවා උත්තරය. ආණ්ඩු හිතවාදී ගුරුතුමියක් ඉන්නවා නම් ඔය ප්‍රශ්නය උගන්නාවි. ඔය ප්‍රශ්නය විවාදාත්මකයි. සිලබස් එකේ උගන්වපු නැති ප්‍රශ්න දාපු එකට ආණ්ඩුව වගකීම භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ හදන මාමලා දේශපාලන මාමලාගෙන් ලකුණු දාගන්න දරුවන්ගේ ලකුණු කපා දමමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.


පහ වසර ශිෂ්‍යත්ව කඩයිම දැන් ළමයින්ගේ අනාගතය, ජීවිතය තින්දු කරන තීරණාත්මක විභාගයක් බවට පත්කර ඇතැයිද හෙතෙම පවසයි.

එම විභාගයෙන් පසු තවත් පාසලක් සොයා ගැනීමට නැත්නම් ගමේ පාසලේ සිට ජාතික පාසලක් සොයා ගැනීමට පැවැත්වෙන විභාගයක් බවට එම විභාගය පත්වීම ඊට හේතුව වී ඇතැයි හෙතෙම සඳහන් කරයි. සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා පැවැති ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ වැඩිදුරටත් ආණ්ඩුව වෙත චෝදනා එල්ල කරමින් මෙසේද කීය. ජනප්‍රිය පාසලකට යන්න සහතික හදලා, උප්පැන්න හදලා, ඉඩම් විකුණලා, නගරවලට ඇවිල්ලා, විවිධ සෙල්ලම් දාලත් ජාතික පාසලකට යවාගන්න බැරි වෙනවා. ළමයාට මේ විභාගය සමත්වෙන්න වෙනවා. මොකද මවුපියන්ගේ සිහින ගබඩාව සන්තෝෂ කිරීම වෙනුවෙන් ජාතික පාසලකට යන්න තියෙන අවස්ථාවක් බවට මෙය පත්වෙලා. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය තීරණාත්මක කඩඉම් විභාගයක් බවට පත්වෙලා.

Gossip Lanka Hot News Previous News Archive