ගණිකා ටෙලි නිලියක් රිමාන්ඩ්

ටෙලිනාට්‍ය නිළියක් මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන,  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දහඅට වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරන ලෙස මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

සැකකාරිය රුපියල් දසදහසක් සහ රුපියල් පන්දහසක් වැනි මුදලක් අය කරමින් ගණිකා සේවයේ යෙදී ඇති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසිය.

පොලිස් උපාය දූතයෙකු යොදා ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ කණ්ඩායම් විසිනි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරි වියේ පසු වූ එක්දරු මවකි.ඇය ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයකටද රංගන දායකත්වය ලබාදී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive