ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය දෙසිය වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගැනීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මගින් ප‍්‍රසිද්ධ කෙරුණු ඔහුගේ ලිපික් උපුටා දක්වමින් මේබව වාර්තා කර ඇත.
මේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාසයේ දී බවද පැවසේ.
ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමේ පුවත නිවේදනය කරමින් ඔහු පවසන්නේ, ගෙවුන වසර විස්ස පුරා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහිනය තුළ තමා ජීවත් වුන බවයි.
වයස අවුරුදු එකොළහේ පටන් ක්‍රිකට් තුළ ජීවත් වූ තමාට ක්‍රිකට්වලින් තොර ජීවිතයක් සිතා ගැනීමත් නොහැකි බවද ඔහු කියා සිටී.
ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟවලදී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගෙන ඇති තෙන්ඩුල්කාර් ටෙස්ට් තරඟ 198 කදී ලකුණු 15,837 ක් සහ එක්දින තරඟ 463 කදී ලකුණු 18,426 ක් රැස් කරගෙන තිබේ.
ඔහු ක්‍රිකට ක්‍රීඩාවේදී රැස් කළ සමස්ත ලකුණු ගණන 50,000 ක් බවද පැවසේ.
ජාත්‍යන්තර කි‍්‍රකට් ශතක සියයක් රැස් කර ගත් ලොව පළමු ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වන්නේ ද සචින් තෙන්ඩුල්කාර්.




