සමලිංගිකයන්ට ඇතුළුවීම තහනම් - කුවේට් රාජ්‍යය

තම රටට සහ ගල්ෆ් කලාපයේ රටලටට ඇතුළුවන පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන් සමලිංගිකයන්ද යයි සොයා බැලීම සඳහා වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි කුවේට් රජයේ අවධානය ලක්වී ඇතැයි වාර්තා වේ. 

එයින් සමලිංගිකයන් බව නිගමනය කෙරෙන පුද්ගලයන්ට කුවේට් රාජ්‍යය හෝ ගල්ෆ් කලාපයේ ඕනෑම රටකට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇත. මෙම යෝජනාව පිටුවහල් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ බලය සහිත කමිටුවක් විසින් නොවැම්බර් 11වනදා සලකා බැලීමට නියමිතය.

නිශ්චිත කාලයකට වරක් මෙම වෛද්‍ය පරීක්ෂණ වලට සහබාගී විය යුතු යයි යෝජනා වී තිබුණද එම පරීක්ෂණයන් කවර ආකාරයක් ගන්නේද යන්න යෝජනාව තුළ පැහැදිලි කර නැතැයි වාර්තා වේ. කුවේට් රාජ්‍යය තුළ සමලිංගික ක‍්‍රියාවන් තහනම් කර ඇති අතර අවුරුදු 21ට අඩු පුද්ගලයන් සම්බන්ධ වේ නම් උපරිම සිර දඬුවම වසර 10කි.

2010දී 2009දී නිෂ්පාදනය කරන ලද ඊජිප්තු චිත‍්‍රටයක් සල්ලාල සංස්කෘතියක් ප‍්‍රචාරය කරන බව පවසමින් 2010දී කුවේට් රාජ්‍යය විසින් තහනම් කරනු ලැබිණි. මත්ද්‍රව්‍ය මත කේන්ද්‍රගත වූ තරුණ ජීවිත සහ කුවේට්හි තහනම් විෂයක්වූ කාන්තා සමලිංගිකත්වය එහි තේමාව විය. 

 කලාපීය රටවල් වන බහරේනය, ඕමානය, කටාර්, සවුදි අරාබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළද තත්වය මේ හා සමාන බව පැවසේ. රටවල් 5ක් තුළ සමලිංගික චර්යාවන් සඳහා මරණ දඬුවම පණවනු ලැබේ. එම රටවල් 5 වන්නේ ඉරානය, සවුදි අරාබිය, සූඩානය, යේමනය සහ මොරිටේනියාවයි.

Gossip Lanka Hot News Previous News Archive