ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ හින්දු ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් තෙරපීමට සහ පෑගීමට ලක් වීමෙන්, 64 දෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
වන්දනා කරුවන් දහස් ගණනක් පටු පාලමක් හරහා ගමන් කරමින් සිටිය දී මෙය සිදුවී ඇති අතර කලබල වූ සමහරෙක් ගඟට වැටීමෙන් ද මිය ගොස් ඇති බවද පැවසේ.
පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම කලබලය ඇතිවූ බවට ද රාවයක් පැතිර තිබේ.
කෙසේවවුද පොලිසිය කියා සිටියේ පාලම කඩා වැටෙමින් ඇති බවට පැතිරී ගිය කට කතාවක් නිසා පිරිස කලබලයට ලක්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.


