හදිසියේම ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා ලංකාවට

ඕස්ට්‍රේලියාවේ ක්‍රවුන් කැසිනෝ අධිපති ජේම්ස් ෆැකර් මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (10 ) හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය. 

ඔහු ඇමැතිවරයාට අමතරව මුදල් අමාත්‍යාංශය ප්‍රධානියකුද හමුවී සිකුරාදා (11 ) නැවත පිටව ගොස්‌ ඇත. 

ඩී. ආර්. විජයවර්ධන මාවතේ රුපියල් මිලියන 350 ක වියදමින් කැසිනෝ හලක්‌ සමග කාමර 400 ක හෝටලයක්‌ (ක්‍රවුන් ඩිවලොෆ්මන්ට්‌) ඉදි කරන්නේ ඡේම්ස්‌ ෆැකර් මහතා විසිනි. 

 ඡේම්ස්‌ පැකර් සිය රටට යාමට පෙර මෙරටදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා පැමිණෙන බව පවසා ඇතැයිද දැනගන්නට ඇත. 

කැසිනෝ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරය සඳහා ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිවෙන සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අදාළ ගැසට් පත්‍රය ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින. 

Gossip Lanka Hot News Previous News Archive