ඉන්දියාවේදී නිමාව දුටු එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කුමාර් සංගක්කාර සිදු කළ වෙනස්කම් හතරක් පිළිබද තමන් පුදුම වූ බවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග සදහන් කරයි.
ඉන්දියාවේ පැවති සම්මණ්ත‍්‍රණයක් අමතමින් හිටපු අර්ජුන රණතුංග කියා සිටියේ මෙරට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් සංවර්ධනය කිරීමේදී ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් ලබා ගැනීමට කිසිවක් නොමැති බවයි.
අතීතයේදී එසේ වුවද වර්තමානයේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ගමන් මාර්ගය දෙස ලබා සිටීමේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාව පරිහානිය පැහැදිලිව දැකගත හැකි බව අර්ජුන රණතුංග වැඩිදුරටත් සදහන් කර සිටියේය.
අතීතයේදී එසේ වුවද වර්තමානයේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ගමන් මාර්ගය දෙස ලබා සිටීමේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාව පරිහානිය පැහැදිලිව දැකගත හැකි බව අර්ජුන රණතුංග වැඩිදුරටත් සදහන් කර සිටියේය.
‘තරුණ ක‍්‍රීඩකයන් මූල්‍යමය වාසි තකා කෙටි තරග රටාවන්ට යොමුවීම අවාසනාවට කරුණක්.පැහැදිලිව කියන්න පුළුවන් ඉන්දියාවට තවත් සචින් ටෙන්ඩුල්කාර් කෙනෙකු හෝ සුනිල් ගවස්කාර් කෙනෙකු අවශ්‍ය නෑ.එක කාලයක අපේ කි‍්‍රකට් ඉගෙනුම් කි‍්‍රයාවලියේ එක් කොටසක් වශයෙන් තරුණ ක‍්‍රීඩකයන් ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාව පිළිබදව අවධානය යොමු කළා.
නමුත් ඉන්දියාවෙන් තවදුරටත් ඉගෙනගත යුතුයි කියලා මම හිතන්නේ නෑ.ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය කිසිවෙකුට පිළිතුරු දෙන්නේ නෑ.අඩුම තරමින් ඔවුන්ගේ ක‍්‍රීඩා අමාත්‍යංශයටවත් ඔවුන් ඇහුම්කම් දෙන්නේ නෑ. මේ නිසයි ඔවුන් හිතූ හිතූ දේ කරන්නේ. ශ‍්‍රී ලංකාවේදී ගත්තොත් අවම වශයෙන් අපිට පාර්ලිමේන්තුව තුළ කි‍්‍රකට් ගැන ප‍්‍රශ්න කරන්න පුළුවන්. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සිදුකළ වෙනස්කම් හතරක් පිළිබදව මම පුදුම වුනා.

එවෙලේ මම කිව්වා ඒක හරිද කියලා පරීක්ෂා කරන්න කියලා.අවසන් තරගයේදී කණ්ඩායමට තෝරා ගත් ක‍්‍රීඩකයන්ට වඩා හොද ක‍්‍රීඩකයන් එදා එලියේ හිටියා. මම දන්නේ නෑ මොකද වුණේ කියලා. ශ‍්‍රී ලංකා නායකයාට පමණයි අපට ඒ ගැන කියන්න පුළුවන්. මම තවමත් විශ්වාස කරන්නේ ඒ තරගය අපිට දිනන්න තිබුණා කියලා’
එසේම මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාරගෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඊළග අනුප‍්‍රාප්තිකයා තෝරා ගැනීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට සූදානමක් නොතිබූ බවත් අර්ජුන පවසයි.
‘අපි වයසට යනවිට සනත් ජයසූරිය උප නායකවරයා වශයෙන් නම් කළා.ඒ වගේම අපට මාවන් අතපත්තු, රසල් ආනල්ඞ් හිටියා. අවස්ථා එකක් හෝ දෙකක් අසමත් වූ පමණින් කී‍්‍රඩකයෙක් ඉවත් කළයුතු නැහැ. ක‍්‍රීඩකයෙකුට අවස්ථා කීපයක් ලබාදිය යුතුයි. එහෙමයි කණ්ඩායමක් ගොඩ නැගිය යුත්තේ. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කමිටු ආයතනයේ නව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට දිගු සැලැස්මක් තියෙනවා.
ඒ හරහා අනාගතයේදී අපට හොද ප‍්‍රතිඵල ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා’යැයි ඔහු සදහන් කළේය.
‘ලසිත් මාලිංග ගැන කතා කළොත් එය කොතනින් නිමා වෙයිද කියලා කියන්න බෑ. ඔහු ටෙස්ට් ක‍්‍රීඩාවෙන් ඉවත් වී එක්දින හා පන්දුවාර 20-20පමණක් ක‍්‍රීඩා කරන්න තීරණය කළවිට නායකයා ඔහුට කතාකළ යුතුව තිබුණා.
කි‍්‍රකට් කණ්ඩායමක බෙදීම් තිබිය නොහැකියි. කණ්ඩායමක හැම දෙනාම එකයි. අපේ කාල සීමාව තුළදී අරවින්ද ලෝක මට්මමේ ක‍්‍රීඩකයෙක්. නමුත් ඔහුට කිසිම දිනකදීවත් අනෙක් අයට වඩා වැඩි සැලකිල්ලක් තිබුණේ නෑ’ යැයි අර්ජුන පැවසීය.