එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර පසුගිය 05 වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිසියට භාරවූ මංගල සමරවීර මහතා ට එරෙහිව ඇති චෝදනා අතර ලවුඩ්ස්පීකර් හොරකමක් සම්බන්ධ චෝදනාවක්ද ඇතැයි මාතර මූලස්තාන පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මීට අමතරව අදාල පෙළපාලියට පහරදීම හා එය මෙහෙයවීම යන චෝදනාද ඇතැයි පැවසේ.
සිද්ධිය සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවට මාතර පොලිසිය විසින් අධිකරණයට ඊයේ (14) දැනුම්දුන් පිරිස අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින් 08 දෙනෙකු සිටිති.
අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් කර ඇති ලයිස්තුව මෙසේය.
මංගල සමරවීර - එජාප මාතර දිස්ත්‍රික් සංවිධායක
සුදත් චන්දුසේකර - විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්
කිත්සිරි කහටපිටිය - පළාත් සභා මන්ත්‍රී හා එජාප බුල්ත්සිංහල ආසන සංවිධායක
නීතීඥ කමල් ජයන්ත සොයිසා - එජාප බලපිටිය ආසන සංවිධායක
සුරනිමල රාජපක්ෂ - හිටපු අධ්‍යාපන සේවා ඇමති
සංදීප් සමරසිංහ - කෑගල්ල හිටපු නගරාධිපති හා එජාප කෑගල්ල සංවිධායක
නීතීඥ නදීර දුෂ්‍යාන් - කොළඹ නාගරික මන්ත්‍රී
