තමන් විසින් කරන ලද ප‍්‍රකාශයකට ඇතැම් මාධ්‍ය විසින් වැරදි අර්ථකතන ලබා දී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහා පවසයි.
දේවි බාලිකා විද්‍යාලයීය ත්‍යාග ප‍්‍රදාන උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පල කලේය.
‘ෆේස් බුක් එකේ තමයි අපේ මිත‍්‍රයො ඉන්නෙ කියල අපි හුගක් විශ්වාස කරන්නෙ.
ෆේස් බුක් එකේ ඉන්න මිත‍්‍රයො නොඅඳුනන අය ඇසුරු කරන්න එපා කියල මම ඒ අයට කිව්වා. මම කිව්වම ෆේස් බුක් එකේ යාළුවො ගැන විශ්වාස කරන්න එපා කියල සමහර දරු කැක්කුමක් නැති අය නං ඒක අනිත් පැත්තට වැරදියට අර්ථකථනය කළා මම ෆේස් බුක් එකට විරුද්ධ වුනාය කියලා.
අපි දිහා එහෙම බලන අය අනුවණ වශයෙන් ඇගිල්ල දිහා බලනව කියල තමයි මම නං හිතන්නේ.
අපි තොරතුරු තාක්ෂණයට විරුද්ධ නෑ. හැබැයි මේවයින් වන විපත් අපේ දරුවන්ට නොවෙන්න ඕන. ඔවුන් අපි බේරගන්න ඕන. ඒක දෙමාපියන්ට හා අපිට තියන ලොකු වගකීමක්.
ඒක නිසා ෆේස් බුක් වල ඉන්න දරුවො ඒකෙ ඉන්න අයට වඩා ගෙදර ඉන්න ඇහැට පේන දෙමාපියන් කෙරෙහි විශ්වාසය තියන්න’ යයිද ජනාධිපති රාජපක්‍ෂ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.
